Wednesday, December 29, 2010

"ඔබ අප අතරට කිසියම් දිනයක....නොපැතූ ලෙසකින් මරු ළං විණි නම්.."


"හේතුප්‍රත්‍යයෙන් හටගත් සියළු දේ අනිත්‍යයි" යන බුදුවදන පසක් කරමින්....ග්‍රේෂන් නුඹ අපව හැරගිහිල්ලා..

.ඔව්...

 මිහිපිට සියළු සොඳුරු දේ උපද්දවා හැඩ කරණ "අම්මා" ගැන ගැයුවේ නුඹම නොවේද..??

"බිළිඳුනේ දරුවනේ මගේ..පැලෙත් රජමැදුරේ...
අම්මා...පෙව් කිරි කඳුළින් මේ ලොව මෙතරම් හැඩවුණේ."

ඔබගේ ඒ ගැඹුරු මාදූර්‍ය ගායනයෙන් අප මුසපත් වූ තරම දන්නේ අපගේ හදවතත් දෙණුවනුත් පමණි...!!..නමුදු අපි ඔබට ආදරය කල තරමටම ආදරණීය ජෝති,මිල්ටන්,ක්ලැරන්ස් සේම ඔබද ඔබට ආදරය නොකල බව දනිමු..

ප්‍රේමය හොර හොරෙන් ජීවිතයට බැල්ම හෙලන්නට පටන් ගත්තුදා සිටම ඇසට ප්‍රිය මනාපවූ "ඇය" ගැන ඔබ ගැයූ අපූරුව...

"බාලේ පුංචි කාලේ වගේ..ගුරු පාරෙ මේ උදේ..
උකුළ සළා යාවි විහිදා..
කිතුල් මල් රෑණ සේ..වරළ බිඟුවන් සැලේ..
හිත කීවා ඔබ කාගේදෝ..."

ම්..ම්..ඇය ගැන පවසන්නට ඇත්තේ එපමණක්මද???...

"සුර ළියක වගේ රුවෙනා..ඇගෙ ගතිගුණ හරි අගනා..
පොඩිකාල හිටන්.... මම ආවෙ සොයන්
මගෙ..ලස්සන රන් එතනා.."

නමුදු...අපගේ ප්‍රේමයට ලෝකයා හරස් වූදා...

"කාගේ වේවා ලේ එකවාගේ දිස්වන්නේ..
මාගේ දුප්පත් කමටයි ලොව එදිරිව එන්නේ..
ජය ටැඹ පෙණුනත් ..ජය හිමි වේදෝ නෑ දන්නේ..
යයුතු මාවත කොයි අත වේදෝ නැතැ දන්නේ..

ආදර සීනුව පෙම්ලොව දොර ලඟ රැව් දෙන්නේ.."

ඉදින් ප්‍රේමණීය හදවත්වලට හීන දුන් නුඹ..අපි ඔබට ආදරය කල තරමටම ආදරණීය ජෝති,මිල්ටන්,ක්ලැරන්ස් සේම ඔබද ඔබට ආදරය නොකල බව දනිමු..

ආදරය, මේ තුරුලතා,ගං කොමළිය,මේ නිසළ බව  එක්ව සොඳුරු දේ නිර්මානයකරණ වග  ද ඔබ ගැයුවා...

"ඈත දුරක දෑස පාවෙලා..
ගොළු වීලා ඔහේ තනිවෙමූ..
පාළු ලොවක ඈත දුරක දෑස පාවෙලා.."

එමතුද නොව..,

"හිම රේණු වැටෙනා සීතලේ..නෙතගාව රඳවා ආදරේ..
සුවගේන් සුළඟේ පා කලේ..ඔබ නේද මාගේ..සුදෝ..."

ඇයත් මාත් පමණක් හිඳින කුටුම්භයේ නේක අගහිඟ කම් හේතුවෙන්ම හිත් පුරා ඇයව සැරහීමට නොහැකිව ලතවෙන සැමියෙකු වන මා ගැන..

"රනින් මාල මගේ ඇබේණියගෙ ගෙලට නැහැ..
රහට හැදෙන රස මසවුළු ඇගේ කුසට නැහැ..
කරදිය රැළි උඩින්ගමන මඟ සළකුණු නැහැ..
අපට කරදිය රැළි උඩින්ගමන මඟ සළකුණු නැහැ.."

හැබෑව... ග්‍රේෂන් ආනන්ද වූ ඔබ අප අතරින් සමු අරන්...එහෙත් නුඹගේ කටහඬ මේ ගුවන් තලය සිසාරා චිරාත්කාළයක් රැව් දේවි...සොඳුරු හදවත් ඒ මාදූර්‍යය වූ හඬින් සැනසේවි..

"තරු යායේ ඈති ඈතට දිදුළන රන්තරු යුවලක් සේ..
කිසිදිනයක නොමොයෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැඳුණාවේ..
හෙට දුක් සෝ කඳුළලි නොදකින ලොවකට අප නෙත් යොමුවේවා..
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා..

යන එන හැමතැන සෙවනැළි විලසේ
කිසිමොහොතක හෝ වෙන් නොම වේවා...
ඒ මඟද එකටයි යන්නේ..සෙනෙහේ පුදා ජීවිතේ පුරා..
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා..

ඔබ අප අතරට කිසියම් දිනයක..
නොපැතූ ලෙසකින් මරු ළං විණි නම්..
ඒ මඟද එකටයි යන්නේ..සෙනෙහේ පුදා.. ජීවිතේ පුරා..
මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවළක් වේවා.."

ආදරණීය ජෝති  අහිමිවීමෙන් රික්තකයක්වූ සිංහල චිත්‍රපට ගීතයේ අඩුව නොදැණුනේ නුඹ නිසාමැයි ග්‍රේෂන්.!...ජීවත්ව සිටියදී හරිහැටි ඇගයීමක් නුඹ කෙරෙහි නිතිබූ බැව් පිළිගන්නෙමු...ඔබව මතක් වූවේ ජෝතිගේ අනුස්මරණයකදී අවුරුද්දකට එක් වතාවක් බවද දනිමු...නමුදු සහෘදය...සුවහසක් වූ රසික හදවත් තුළ නුඹ ජීවමානමැයි.....!

ඉදින් සමුගන්න අවසරයි...ඔබට නිවන්සුව ලැබේවා...!

3 comments:

  1. ඔහුගේ ගීත බොහෝමයක් අපෙග් දෙසවන් තුල ඇත. ඔහු අප දෙමාපියන්ගේ කාලය නියෝජණය කරන්නෙකු වුවත් මා වැනි තරුණෙයක් හට ඒ ඝෝෂාවෙන් යුක්ත සමහරක් නව රැල්ලේ ගායකයන්ට වඩා කෙතරම් අරුත්බර ගී ගයා ඇත්දැයි පසක් වේ. ගීතය ගීතයක අර්තෙයන් ගායනා කරන ඇත්තන් අද තුරන්වෙමින් පවතී.එය කෙතරම් අවාසනාවක්ද?
    අපිත් කෙදිනක හෝ අපව හැර යනු ඇත.
    අප කළ හොද පමණක් ඉතිරිවෙනු ඇත.

    ReplyDelete
  2. @Hishan,
    ඔව් මල්ලියේ උඹගෙ අදහස් වලට මං ගරුකරනවා...

    උඹ ටක්කෙටම මගෙ වයස කිව්වා නොවෑ...අම්මලාගෙ තාත්තලාගෙ යුගේ..හෙහ්..හෙහ්..

    ReplyDelete
  3. ස්තූතියි..මල්ලියේ ගොඩවැදුනට...හ්ම්...මගේ වයස ටක්කෙටම කිව්ව නේද ...අපේ තාත්තලගෙ කාලෙ...හෙහ්..හෙහ්..

    ReplyDelete