Monday, December 20, 2010

"ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ..ඔබේ මඟුල් දවසේ.."

අහසින් තරුවක් කඩා වැටෙනවා..
තරුව කතා නෑ ..අහසයි වැළපෙන්නේ...
නටුවෙන් නෑඹුල් මලක් හැලෙනවා..
මලේ කතා නෑ... සුළඟයි වැළපෙන්නේ..

පැහීමක් නැහැ නොකෙරෙන දීගේ..
හෙවනැල්ලත් ඇදළු..
දවල් වැටුණු වල මෙදා වැටුනෙ රෑ..
හිත හොඳ වැඩි කමළු..

මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්ඳන් එන නැකතේ...
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ..
ඔබේ මඟුල් දවසේ..
සොඳුරු ජායාරූපය ගත්තේ...avenue7.com

ආයෙත් වතාවක් මා ආදරය ඉදිරියේ රැවටීමකට ලක්වී ඇතිබැව් හැඟෙන විට ජීවිතය තිබුණාටත් වඩා අඳුරු අගාධයකට වැටී තිබුණි..
"පහු ගිය අතීතය මට වැඩක් නැහැ සාධනී...මට ඕනෙ ඔයාව විතරමයි.."
මගේ ආදරය හිඟාලමින් නුඹ මා පසුපස ආ දිනවල කීවා නුඹට අමතකව හෝ උවමනාවෙන් අමතක කොට ඇතැයි දනිමි.නුඹට අවශ්‍යය වූයේ මගේ පහස පමනක්ම යැයි මා හට හැඟී ගියේ නම්...එහෙත්..වරක් බැට කෑ එකියක වූ මම මාගේ හැඟීම් වලට නොව බුද්ධියට ඉඩ දියයුතුව තිබුණි..
"රංග ගැන දැන දැනත් ඇයි කෙල්ලේ උඹ ඒකා පස්සෙම වැටෙන්නෙ..ඌට හතර වටේම කෙල්ලො..??"
"මං දන්නැහැ නිලූ..දන්නෙ මෙච්චරයි..මං ඌට ආදරෙයි.."
"කිව්ව නාහන ගුරු ඉහල ගියත් එකයි..පහල ගියත් එකයි..උඹට ඕන දෙයක් කර ගං..අපිට දුක උඹ දැන දැන අමාරුවේ වැටෙන්න යන එක ගැනයි.."

මිතුරු මිතුරියන් කෙසේ කීවද කුළුඳුලේම හදවතේ ඇති වූ ප්‍රේමය මරා දැමීමට මා සූදානම් නොවීමි..රංග පිළිබඳ වූ කතා ප්‍රවෘත්තීන් එමට වූවද ඒවා එකක්වත් මා නොවේ කමකට ගත්තේ..කෙසේවතුදු "සාරය උරා ඉවත ලන උක් දඬු හපයක් සේ" මා රංග විසින් අතැර දමන විට තවදුරටත් කණ්‍යාවියක් නම් නොවීමි.මා දැන දැනම ජීවිතය අනතුරේ හෙලා ගත්තේ එලෙසය..නොයෙකුත් සමාජ අපවාද මැද ජීවිතය එපා වූවද ජීවත් වීමට තීරණය කෙලෙමි..නමුදු සමාජයට වෛර නොකෙළෙමි..ඔවූහු මා වරදින් මුදවා ගැනීමට වෙහෙසුණු බව දන්නා නිසාවෙනි..එවක් පටන් සියළු දුක්ඛ දෝමනස්සයන් හිත තුළ ගුළිකොටගෙන ජීවත්වන්නට වූ යේ සමාජයට නොව මා මටම බිය වූ නිසාවෙනි..
ඔව්..එතකොට කවි...
සියළු බලාපොරොත්තූන් ඇතැර ගෙවූ කාලවකවානුවේදී මගේ හදවතට බලෙන්ම එබිකම් කලේ ඔහුයි..පිරිමියෙකු ආදරය වෙනුවෙන් හඬනවා මට ඇසුනේ පෙනුනේ ඔහුගෙන්මයි..ඇත්තටම පිරිමියෙකුගේ ඇස් තුලින් වැටෙන කඳුලක් ගැහැණු සිතක් වෙඬරුපිඩක් සේ මෘදු මොලොක් කිරීමට සමත්වෙන බැව් ඔබ දන්නේදැයි නොදනිමි..නමුදු කව්න්ද ගුනසේකර නම්වූ මානවකයා මා ඉදිරියේ හෙළුු කිඹුල් කඳුළු හදවතින් නැගෙන කඳුළු ලෙස හඳුණාගත් පවින් "දහවල් දැන දැනම වැටුණු වල්ට නොදැනම රාත්‍රීයේදීත් වැටී ඇති බව පසක්වනවිට ජීවිතය නැවත වතාවක් හරිගස්සවා ගැනීමට නොහැකිවන සේ බිඳවැටී තිබුණි.
"ඈ..පට්ට දහදුරාවි..අවලමේ ගිහිල්ල වැඩ වරද්දගෙන මායම් දාල මගේ කොල්ලත් අල්ලගන්නද කල්පනාව..??"
දිනක් උදාසනම ගෙමිදුල දෙසින් ඇසුණු ගෞරව තානාන්තර ආමන්ත්‍රණ වලින් මෙමට පසක්වූයේ නුඹගේ මව් "බෝ පැලයක්" වන් වූ තමුන්ගේ පුත්‍ර රත්නය සාධනී නම් වූ වෙසඟනගෙන් මුදා ගැනීමට මෙහෙයුමක් දියත් කොට ඇති ගානය..නමුදු "බෝ පැලේ" තරම නුඹේ මව්ට කියාදෙන්නට ගියානම් ...
"මට තවත් කරන්න දෙයක් නැහැ සාධනී..අම්මලා ඔක්කොම දැනගෙන..මට නුවර පැත්තෙ ගෑණු ළමයෙක්ව ජෝඩු කරලා.."
"මගෙත් එක්ක බුදියාගන්නට ආවේත් අම්මාගෙන් අහලාදැ"යි  මගේ කිසිවක් නොතේරෙන හා පැටියාගෙන් හොඳ සුද්ද සිංහලෙන් ඇසීමට සිත් වුවද  තවත් නැති වෙන්නට දෙයක් නොවූ මගේ ජීවිතයේ සියළු දේම නැති වූයේ මඟේම වරදින් බව හැඳින නිහඬව සිටීමට තීරනය කෙළෙමි...
එහෙත්,,කවි  දන්නවද මං උඹට ආදරය කලා...ආකහෙන් තරුවක් ගිලිහුණද ,නටුවකින් මලක් ගිලිහුණද ඒ අඩුපාඩුව දැනෙනුයේ ගිලිහුණු තරුවටවත් මලටවත් නොව ඒවායේ මූලයන්ට බව තව තවත් මට දැණුනා කවී..ඉදින් මේ දුක මමම විඳදරාගන්නම්..
නුඹේ පත්තිනි දේවියව කැන්දන් එන හෙට දිනයේ මං මේ තුරුවදුලට මුවා වෙලා බලාන ඉන්නම් කවී..බැරි වෙලාවවත් මේ දිහා බලන්න නම් එපා...මගේ කඳුළු මං නවත්ව ගන්නේ කොහොමද.....?? 

"මලෙන් උපන් මල් පත්තිනි දේවී
කැන්ඳන් එන නැකතේ...
ඇස් කූඩෙන් මං වතුර අදින්නම් ..
ඔබේ මඟුල් දවසේ.."

සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :මාලනී බුලත්සිංහල.


10 comments:

  1. කාලය විසින් සියළු වේදනා සුවපත් කර දමනු ඇත. ඔබ කළ යුත්තේ කාලයට ඉඩ දීම පමණි.

    ReplyDelete
  2. ජීවිතේම හීනයක් වුණ දවසක ඒ හීනෙන් අලුත් ඉරක් පායනකල් ඒ හීනෙ‍ට ඉඩදෙන්න. කවදාවත් ආයිත් අලුත් ඉරක් පායන්නෑ කියල සමහරවිට ඹයා‍ට හිතෙයි... ඒත් අලුත් ඉරක් පායනව. හැබැයි ඒ ඉරෙන් ලැබෙන උණුසුම ‍ට කලින් ලැබෙන එළිය තේරැම් ගන්න.

    ඉරබ‍ට තරැව උනා නම් ඹබ ම‍‍ට... ගුණදාස කපුගේ ශූරීන් ගෙ... අහල බලන්න....

    ReplyDelete
  3. හිතට වහල් වී,හැඟීම් වලට ඉඩ දී,විහින් අමාරුවේ වැටීම.
    ගීතයනම් මම ආසම එකක්.

    ReplyDelete
  4. සිරාම සිරා. වෙනද වගේම සිරාවටම ලියල තියෙනවා.

    ReplyDelete
  5. @Hishan Melanga,
    හැමදාමත්වගේ පළවෙනි කමෙන්ට් එක...ඇත්ත කාලය සමහරවෙලාවට හොඳ ඖෂධයක් තමා..ස්තූතියි..

    ReplyDelete
  6. @Ano,
    ඔවුනෙ...එන බාදක හඳුන ගන්නට හොඳ තීක්ෂණ බුද්ධියක් වගේම අත්දැකීම් අවශ්‍යයි..ස්තූතියි සටහනට

    ReplyDelete
  7. @dinesh,
    හැබෑව මල්ලියේ...ඒත් බුද්ධියට හැම තිස්සෙම ඉඩදෙන්නට ගියොත් සුන්දරත්වය අහිමි වෙනවා..ගොඩවදීම සතුටක්

    ReplyDelete
  8. @දුමී,
    ඔබතුමාගෙ ඇගයීම දහස් වටී..ස්තූතියි

    ReplyDelete
  9. ආදරය කියන්නේ ගොඩාක් පරිස්සමෙන් කරන්න ඕනෑ දෙයක් ... ආදරය කිරීමට පෙරාතුව අනෙකා තේරුම් ගත යුතුය ..

    ReplyDelete