Sunday, December 12, 2010

"වාසනාවන්..!...අහිමි පෙම්වතියේ....."

සිත්තම ගත්තේ..daheshmuseum.org
බෝධිරාජ මාවත වෙනදාටත් වඩා සෙනඟ පිරී ඇති සැටියෙකි..උරෙනුර ගැටෙන මෙන් එකම හිස් ගොඩක් ලෙස දිස්වන වීදියේ බොහෝ දිගු බස් රථ පෝලිමක්ද දක්නට විය.මාර්ගය දෙපස අටවා ගත් ලෑලි මඩුවල එල්ලෙන මිදි,අඹ,දොඩම් අතරේ අතරමංව හෙට්ටුකරමින් මිලදී ගන්න පරක් කරණ ජනකාය මැදින් හෙට දිනයට යෙදෙන සිංහල අළුත් අවුරුද්දට ගම් බිම් කරායන ජනී ජනයා අතර මමද එක් අයෙකු වීමි.සිංහල අවුරුද්දට දින දෙකකට පෙරවත් ගමට යා ගන්නට උවමනාකම බොහොම තදින් දැණුනද පඩිපත අතට ලැබුනේ අද උදයේදීය.අම්මාට චීත්ත රෙදිකෑල්ලක්,නංගීට ගවුමට රෙදි කෑල්ලක් ගන්නට පිටකොටුවේ මහ වීදියේ අද උදයේ අතරමං වූ අල්ලපනල්ලේ "නුඹ" සිහිනොවුනාම නොවේ.නමුදු පහුගිය අවුරුද්දේද අද වැනි දිනක වූ මතකයන් මතකයට නොනගා ගැනීමට තරම් මා ශක්තිමත් නොවූ බව උඹ දන්නවාද අයිරාංගනී?

"ඕක නෙවි අනේ..මංදන්නවනෙ නෑණංඩියගෙ තරම..කෙල්ල "ෂෝක්" එකට කැමතියි..ම්..ම්..මේක හොඳයි.."
මම නිහඬවම අනුමත කරමි.ඇයට හොරා ඇගේ ඇඟට කැපෙන ගවුම් රෙද්දක් තෝරා ගන්නට මම සමත් වීමි..
"සිරී..කාටද අනේ ඕක..හරිම ලස්සනයි.."
"මේක මං දන්න අඳුණන ගෑණු ළමයෙකුට.."
කපටි හිනාවක් මුවඟ රඳවාගනිමින්..පිරිමි ඇඳුම් තිබෙන ඉසව්වට දුවන ඈ මීලඟට කුමක් කරන්නේදැයි මම දනිමි.
හබැවින්ම අතීතය කොතරම් ලස්සනද අයිරාංගනී...නුඹ වෙනස් වෙන්නට ගියේ කෙතරම් කෙටි කාලයක්ද..??.
"ආ සිරි අයිය..මංහිතුවෙ අයිරත් එක්ක ඔයා බෝපත් ඇල්ලෙ ගියා කියලයි"
" ....නැ නංගි එයා මට කතා කලේ නැහැ මේ සති කීපයේ..මේ හින්දයි මං මේ බලන්න ආවෙ.." ඇඟළුම් කම්හලේ අමුත්තන් හමුවන කාමරයෙහි මා ඉදිරියේ පෙනී සිටි ඇගේ හොඳම යෙහෙළිය කියූ දෙය අදහාගත නොහී හුනස්නෙන් නැගිටුණි.
"නැහැ අයිය..අයිර ගියපාර ගමේ ගිහිල්ල ආවට පස්සෙ ටිකක් වෙනස් වෙලා වගෙ දැණුන..වතාවක් දෙකක් කවුද කොල්ලෙක් එයාව හමු වෙන්න මෙහාටත් ආවා..කිව්වෙ නම් එයාගෙ මාමගෙ පුතා කියල.."
"මං යන්නම් නංගියෙ.."
කිසිවක් නොදෙඩූ මම පරාජිතයෙකු ලෙස රත්මලාන 
කර්මාන්ත පුරයෙන් එළියට බටුයේ තවත් එක් චපල පෙම්වතියකගෙන් අතහැර දැමූ පරාජිත පෙම්වතෙකු ලෙසිනි.එතැන් පටන් ගෙවූ දින කීපය කෙසේ ගෙවා දැමුවේදැයි මා හට නිනව් නොවේ..නිදි නැති රාත්‍රීන් කීයක් පහන් කලේදැයි මා නොදනිමි..
"සිරී උඹට මක් වෙලාද බං..මේ ගඩොල් බැම්මත් වරද්දලා..මේ මෙතන ඕපනින් එකකට මාක් කරල තියෙත්දිත් මොකද මේ බිත්තිය පුරල තියෙන්නෙ..හරියට වැඩ කරන්න බැරි නම් යනව හොඳයි..!"
වැඩ මූලික වරයාගේ ගෝරනාඩුව ඉවසනූ නොහී මා මිතුරන් හැම විටම මා ආරක්ෂා කරගැනීමට උත්සාහ කළ සැටි මතක් වී උන් ගැන අප්‍රමාන භක්තියක් හදවත් තුළ ඇති වී නැති වී ගියේයැ.
ඉදින් නුඹ මගේ ලොවින් නොකියාම සමු අරගෙන බව දැන දැනත් මට නුඹ කෙරෙහි වෛරයක්,තරහාවක් නගාගත නොහැකි වූයේ මන්දැයි කල්පනාකරමි.කෙසේවතුදු නුඹ මාගෙන් සමු අරන් ගොසිනි..හිත් පිත් නැත්තෙකු සේ ජීවත් වන්නට හුරු උනෙමි..
බස් රථ නවත්වා තැබෙන ස්ථානයේ වූ දිගු පෝලිමට මමත් එක්වුණෙමි..ඉදින්..මීට පහුගිය අවුරුදුවලදී නම්...."නැහැ මම උඹ ගැන ආයෙත් හිතන්නෑ අයිරාංගනී."හිතට අගුළු ලා ගෙන කාර්‍යය බහුල බස් නැවතුම සිසාරා හිස් බැල්මෙන් බලා සිටියෙමි
මා නැවත දකින්නට ප්‍රාර්ථනා නොකල දෙයම සිදු වී තිබුණි..එතරම් මගේ දෛවය මා හට අකාරුණික වූයේ ඇයිදැයි නොදනිමි....බසයක් එනතුරු රැඳී සිටි පෝලිම ඉදිරියෙන් ඈ වූවාය.තනි නොතනියට ඒ තරුණයාද සමඟිනි.
ඈ නොදැක මාස ගනනක් වුවද කල්පයකින් දුටුවාක් මෙන් මා හට හැඟේ..ඒ තාමත් ඇය මාගේ හදතුළ විජරාමාණ වන නිසාය..හැඩිදැඩි පුරුෂයෙකු වුව්ද දෙනෙත් හීන් කඬුළු පටලයකින් වැසීයනුද හාත් පස නොපෙනීයනුද දැනුනෙන් සීරුවෙන් යාබද වූ මිටි තාප්පයට වාරු දී ගතිමි..
"ඇයි පුතේ...තව පැය කීයක් පෝලිමේ ඉන්න වෙයිද දන්නෙනැහ..මේ වතුර ටිකක්වත් බීහං..ඒ මදිවට මේ ග්‍රීස්මෙ.."මාහට පිටුපසින් වූ කාරුණික කාන්තාව මා අත වතුර බෝතලයක් නොතබන්නට මා සිහිසුන්වනු නොඅනුමානය..පරාජිත චිත්ත ස්වාභාවයකට ගතක් අප්‍රාණික කල හැකි බව ප්‍රථමවතාවට අත් වින්ඳෙමි.
"මේ ලෝකෙ හැටි පුතේ ...අපිට ලැබෙන්නෙ අපිට උරුම දේවල් විතරයි... මොන සැක්කරය ආවත් ඒ ධර්මතාවය නැතිකරන්න බැහැ.."
කාරුණික කාන්තාව මාගේ හිත හඳුනාගෙන දෝ මුමුණයි..හැබවින්ම මා අයිරාංගනීට ප්‍රේම කලෙමි..නමුදු ඇයට මගේ ප්‍රේමය තරම් නොවූ සේය..උඹට වෛර කරන්නට හිත හදාගන්න මට බැහැ අයිරාංගනී........
++++++++++++++++++++++++++++++++++++++++++++++

මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ...
ඔහු සමඟින් ඔබ...
මන්දහාසින් යන ගමනේ...
මගේ යුග නෙතු...
ඔබට හිරු සඳු වේවා...!
වාසනාවන්...
අහිමි පෙම්වතියේ...
නිමල පෙම් චේතනාවෙන්...
නිහඬ වූ වේදනාවෙන්...
අහිංසක මා හෙලන සුසුම්...
ඔබට පවනක් වේවා...!
පාළු කුටියේ...
මා පරාජිතවී...
නිදා නොනිදා හිඳින රෑ...
සිහිනයෙන් හෝ පෙනේවා...
ඔබේ සෙනෙහේ නිවුනු පහන්...
නොනිමි පහනක් වීලා...!

සොඳුරු ගේය පද සිත්තම : .................................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :එඩ්වඩ් ජයකොඩි

7 comments:

  1. වෛරයෙන් වෛරය නොසන්සිදේ
    ධර්මයට අනුව හැසිරෙන්නා ධර්මය විසින් ආරකෂා කරයි

    ReplyDelete
  2. නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා...........
    ලියන්න බැරි තරමට පන්හිඳ ගෙවිලා....
    අපේ මතක ‍රැඳ වුන තැන් අත හැරලා.......
    යන්න හිතෙනවා මට ගම රට දාලා..............

    ReplyDelete
  3. ම්ම්ම්..ටිකක් නෙමේ සෑහෙන්න හිතන්න, සලකල බලන්න ඕනෙ කාරණයක්…

    මේ වගේ තත්වයට පත් උන අය ඕන තරම් දැකල, කතා බහ කරල තියෙනව. ඒ තත්වයට පත් උන මුල් කාලයෙදි ඒ අය හිතන්නෙ ආයෙ නම් ගොඩ ඒමක් නෑ කියල. මුලු ලෝකෙම ඇග උඩ කඩා වැටුන ගානට තමයි කාලය ගත කරන්නෙ…
    ඒත් කාලය ගතවෙද්දි හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන සමහර බැදීම් නැතිවෙනව වගේම තියෙන බැදීම් තව තවත් තීව්‍ර වෙන ගමන් අලුත් බැදීම් ඇතිවෙනව, ඒක ඉතින් අනිවාර්යෙන්ම සිද්ද වෙන දෙයක්. එහෙම නොවෙන්න නම් සමජයෙන් ඈත් වෙලා හුදකලා වෙන්න ඔනෙ..

    අනුන්ගෙ අත් දැකීමක් ගැන හොද කල්පනාවෙන් බලල ඒක තමන්ගෙ අත් දැකීමක් කරගෙන, කොතනද වැරද්ද කියල අදුනගෙන ඒ අනුව තමන්ට ඒ වැරද්ද නොවෙන්න වග බල්ලාගන්න, ඒ වගේ දෙයක් උනොත් ඒකට මුහුන දෙන ආකාරය ගැන කලින්ම හිතල බලන්න පුලුවන් නම්... කාට උනත් ජීවිතේ ජයගන්න පුලුවන් වගේම විපතට පත් වුන කෙනෙකුට පිහිටක් වෙන විදියට උදව් කරන්න පුලුවන්.

    කවුරු උනත් තමන්ගෙ ජීවිතේ ගැන අපහු හැරිල බලුවොත් “හැමදේම වෙන්නෙ හොදටයි” කියන එකේ ලොකු සත්‍යක් තියෙන බව පැහැදිලිව පෙනෙන කරුනක්…

    ජීවිතය හරියට ගoගාවක් වගේ..ඒක එක තැනක නවතන්න නෙමෙයි උත්සාහ කරන්න ඕනෙ, ගලාගෙන යන්න ඉඩ දෙන්න ඕනෙ..එහෙම උනාම කිසිම ආයාසයක් නෑ වගේම ජීවිතෙ ලස්සන වෙනව…ගගක් ගලනකොට විවිධ බාධක කම්කටොලු තියෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ…ඒව අතරින් ගලායනවිට තමයි ගoගාව තව තවත් ලස්සන වෙන්නෙ….!

    විස්වාස කරනව ඔබ ප්‍රේමයෙන් පරාජිතයි කියල හිතන තවත් "සිරි" කෙනෙක් වෙන එකක් නෑ කියල...

    සහෝදරයට තුති මේ වගේ ගීතයක් තෝරගෙන හැමදාම වගේ අරුත් බර කතාවක් එක්කලාට...

    (ලිය උනා වැඩී හොදටම...පිහිටක් වෙන්න බැලුවෙ කාට උනත්...)

    ReplyDelete
  4. හ්ම්..බුදුන් වහන්සේ දේශනා කළා නෙව..ඒක ඉතින් ඒක තමා සනාතන ධර්මය.ස්තූතියි සටහනට.

    ReplyDelete
  5. @dinesh,
    මලේ ලොකයේ වෙනස් නොවන එකම දෙය වෙනස්වීමමනෙ...හිත හදාගනින් මල්ලියේ...

    ReplyDelete
  6. @ Ano,
    ඔව් යාළුවේ..දවස් කීපයක්ම ඔබගේ සටහනට පිළිතුරක් ලෙස මොනවද ලියන්නෙ කියල හිත හිතා හිටිය..ඔබවගේ හදවත ලස්සන උදවිය අනාගත්යේදීත් මේ ඉසව්වට ඇවිදිල්ල ඔබ ලියා ඇතිවා මෙන් සටහන් කියවා ජීවිතයට යමක් ගත්තොත අපට ඇති නේද??..දිගටම මාත් එක්ක ඉඳීවි කියලා හිතනවා...

    ReplyDelete
  7. තරු දහස් නුබ ගැබ..
    එකම තරුවට
    පෙම් කල කුමුදුව
    වූ වරදට
    පිලිස්සුනා මදි
    මම
    දිවාකරගෙන් නොව
    ඇතුලාන්තයෙන්.

    මේ වගේම දෙයක් මට ඇත්තටම උනා..
    සම්මානනීයයි

    ReplyDelete