Sunday, December 5, 2010

"දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..........."

සිත්තම ගත්තේ..http://www.gerardboersma.blogspot.com

උදේ පාන්දර සිට හැද හැළුණු ධාරානිපාත වරුසාව නිසාවෙන් අගනුවර සෑම වීදියක්ම පාහේ ජලයෙන් පිරී පවතිණු දුටූයෙමි..බස් රිය පිට කොටුවේ බෝගහ හංදියට ලඟාවන විට මඳක් වැස්ස තුරල්ව පැවතුනද මුළු ආකහේම අළුපාට වැහි බීරුමෙන් සන්නද්ධව පැවතුණි..මෙතුවක් වේලා අතෙහි ගුලි වී නිදිසුව විඳි කිරිකැටියා කරපින්නාගත් මම අඩුම කුඩුම සියල්ල බහාළුු මඳක් ප්‍රමාණයෙන් කුඩා සූට්කේසයද එක් අතකින් ගෙන වෙදිකාවට පැන්නෙමි...අවට පරිසරයේ වූ කලබලකාරී ගතිය අභිබවා කටුක සීතලක් ගත වෙලා ගැණුනෙන් සිඟිති පුතුගේ පොරෝණය හොඳින් සකසාගෙන වටපිට බලන්නට වීමි..හණිහණික තම තමා ගේ ලෝකවල තනිවෙමින් දෛනික කාර්‍යයන් උදෙසා එහෙ මෙහෙවන මනුස්ස පරාණ අතරේ අතරමං වීමි...එහා කෑල්ලේ අයිරිං අක්කා කී පරිදි බස් නැව්වතුම මේ ලඟම වියයුතුය.
"මහත්තයෝ ලංගම බස්ටෑන්ඩ් එක කොහෙද??"බැරිම තැන තරමක් වයස්ගත මහතෙකුගෙන් විමසීමි..පිළිතුරු දෙනවා වෙනුවට අභිනයෙන් යම් දිසාවක් පෙන්නුම් කළ ඔහු ඇසිල්ලේ මා පරයා ගියේ යැ.
කුසගින්නක් දැනුනද පදික වේදිකාවේ නා නා වර්ණවලින් දිස්වෙන ඇපල්,මිදි,දොඩම් දෙස නොබැළුුයේ පොකැට්ටුවේ වූ එකම රුපියල් එකසිය පනහා ප්‍රවේශ පත්‍රය ගැනීමට තරම්වත් සෑහේදෝයි සැකයක් මා සිත වූ බැවිණි...නමුදු පොඩි එකාට අතරමඟදී දෙන්නටවත් කිරි තේ එකක්වත් දමා ගතයුතු බව සිහිවීමෙන් හදවත අළුතින් දැවීයන්නටවිය..
"99 බදුල්ල" නැමැති නාමපුවරුව සහිත බස් නැවතුම කරා පිවිසි මම පෝලිමෙහි වූ තලතුනා පෙනුමැති කාන්තාවකට ලං වී..
"අම්මේ..බෙරගලට ටිකට් එකට කීයද??"

"බණ්ඩාරවෙලට නම් 104යි..බෙරගලට 90ක්වත් වේවි..."

මා පිනා ගිය තරම...වහ වහා බස් නැවතුමේ වූ තේකඩයට ගොඩවූ මා කිරි තේ කෝප්පයක් පුතුගේ කිරි බෝතලයට පුරවා කහට කෝප්පයකින් කුස පුරවාගතිමි..
උදේට මවුගේ අතින් ලැබෙන කිරි තේ කෝප්පය සිහිවී මගේ මතක අතීතයට යාමට මත්තෙන් බසයට ගොඩවී අසුනකට බරවූයෙමි...පුතු තවමත් නින්දේය..සැබවින්ම කිරිසප්පයා අදනම් කිසිම හැල හොල්මනක් නැතිව නිදයි..එය මට සහනයකි..
බසයේ හිඳසිටි අයවළුන් මා දෙස විමසුම් ඇසින් බලනවා දුටු මම කවුළුවෙන් පිටතට දෙනෙත් යොමා මුහුණ සඟවා ගතිමි..වැඩවරද්දාගත් එකියකියි ටක්කෙටම හිතනවා වියයුතුය.
ඒ මා සාපෙළ ප්‍රථිඵල බලා පොරොත්තුවෙන් සිටි අවදියයි..ඒ දෛවෝපගත හමුව සිදුවූයේ මා මව සමඟ බෙරගල නගරයට ගිය දිනකදීය..ඒ දිනවල පිළිසකරවෙමින් තිබූ කොළඹ බදුල්ල මහා මාර්ඝයේ ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටි එක් තරුණයෙක් මා දෙස බලා සිටිණු දුටිමි...සිත්ගන්නා පෙණුමකින් හෙබි ඔහුගේ කැරළි ගැසුණු කොණ්ඩය නිසාවෙන් වඩාත් සුන්දරව මගේ නෙත සිත බැඳ ගති..කෙසේවතුදු ෆොර්මන් වරයෙකු වූ සමින්ද හා මා අතර බැඳීමක් ඇතිවීමට වැඩි කාළයක් ගත නොවිනි..නව යව්වනයේ එළිපත්තේ සිටි මා අළුත් අත්දැකීම් සොයා යෑම අරුමයක් නොවුණි.දියළුම,බඹරකන්ද දියඇලි මානයේ වූ තුරුවදුළු අපගේ ප්‍රේම පාරාදීසයන් වූයේමැයි..මවුට බොරු දෙසාබාමින් "මැහුම්" පන්ති යන මම සතියට වර දෙවර නොව කිහිපවරක්ම හමුවීමට තරම් ප්‍රේමයෙන් මුසපත්වීමි..
වැඩිකල් නොගොස්ම අපගේ සම්බන්ධය ගෙදරටද රහසක් නොවූයේය.වරක් දෙවරක්ම මා හට බැන අඬ ගැසූ මව් පසුව සන්සුන් වූවාය..නමුදු අයියණ්ඩියගේ රැවුම් ගෙරවුම් අභිමුව මම තවතවත් සමින්දගේ ඇසුර සොයා ඇදුනෙමි..ඒවනවිටත් සම්මානී නම් වූ නව යොවුන් දැරිවිය කන්‍යාවක් නොවූවාය..ඒ ගැන පසුතැවුම්මක් මා තුළ නොවූයේ සමින්දගේ සුරංගනා කතාවන්ට මා වෂී වී සිටි හෙයිනි..සමින්ද හා බැඳුනු එකම ගැහැණිය මා පමණක් නොවනබව මා හට දැනී යනවිට ආපසු හැරෙන ඉසව්වක මා නොසිටියේය..
මා කසාද නොබැඳම ගැබ්බර එකියක් වී ඇති බැව් දැනගත් දින මව් ගේ හැසිරීම පුදුම එළවන සුළු වූයේය..මා වෙත දමා ගැසීමට පොදිකෑ වචන ගොළුකරගත් ඇය වැලහින්නකමෙන් හඬා වැලපෙනු අදද මට ඇසේ...පිය ආරක්ෂාව නැතුවද අතක් පයක් නොකඩා උස්මහත් කළ එකම දෝණියැන්දෑගෙන් ලැබුණු සැළකුම ගැන ඇය විස්සෝප වූවාය...එදාපටන් කිසිවෙකු සමඟ නොදෙඩූ ඇය..මුව ගොළුකොට ගත්තාය..සහෝදරයාගෙන් ලැබුණු "පාහර බැල්ලී" යන ගවුරව නාමයද සමඟ මඟට පිළිපන් මට සමින්දගේ කරේ එල්ලෙනවා මිස අන් සරණක් නොවීය.
අවසන මා තීරණයකට එළඹුනෙමි.
නීත්‍යානුකූලව කසාද නොබැඳම අසම්මත ලෙස ඔහු සමඟ කොන්ක්‍රීට් වනාන්තරයේ එක් ලෑලි මඩුවක වාසයට පැමිණියෙමි..මුළදී මුලදී ජීවිතයට හැඩගැසෙන්නට අපහසු වුවද  මේ මාගේ ලැබීම යැයි හිත හදා ගනිමින් වාසයට හුරුවූයෙමි..එහා කෑල්ලේ අයිරිං අක්කා නොවන්නට මේ කිරිකැටියාට මෙලොව එළිය දකින්නට නොහැකිවනු නියතය...කෙසේ වතුදු දරුගැබ මෝරා වැඩෙන විට සමින්දගේ ගමන මාසයකට වරක් දක්වා පහත වැටී තිබුණි..ඒ එන විටකදී කීයක් හරි අතමිට මොලවායන ඔහු ගෙදරින් යන්නේ මා සමඟ බහින්බස් වීය..දරුවා ලැබෙන්න සිටි මාසවලදී ඔහුගේ පැමිනීම සම්පූර්නයෙන්ම නතරවූයෙන් මා අසරණ වූ තරම දන්නේ මා පමණි..දරුවා විනාෂකරගැනීමට සිත් වූ වාර අනන්තය..නමුදු කුමණ හෝ වාසනාවකට හෝ අවාසනාවකට දරුවා එළිය දුටුයේ නීරෝගීවය..නමුදු උප්පැන්න සහතිකයේ පියාගේ නමට ඉදිරියේ හිස්තැනක් පමණක් තියාගෙන සමාජ අපවාද කරපින්නාගෙනය...ජීවිතයේ පලමුවරට මව් සෙනෙහස මේ යැයි හැඳින්නෙමි..ඉදින් අපවාද මත්තෙන් උවද දරුවා වෙනුවෙන් ජීවත් විය යුතුය.තවදුරටත් මේ දරිද්‍රතාවයේ පතුලටම ගිලී සිටින අයිරිං අක්කාට බරක් නොවියයුතු බව හැඟුනෙන් දින ගනන් කල්පනා කොට මේ තීරණයට එල්බ ගතිමි.
මා මව සොයා යා යුතුය..අනතුරුව රැකියාවක් සොයාගතයුතුය..අප්පා නැති එකා ජීවත්කළයුතුය..

අතීතය ස්මරණය කරමින්ම මම දෑවසරකට පසු මවගේ නිවසේ එළිපත්තට පැමිණියෙමි..අවට පරිසරය නොවෙනස්ව පැවතියද මැටි ගඩොළින් තනා ඇති නිවස අවපැහැ ගැන්වී තිබුණි..තැනින් තැන කපරාරු බදාමය ගැලවී ගොස් ගරාවැටෙමින් තිබුණි..කෙසේ වතුදු මුළුතැන් ගෙය වහලයෙන් දුම් රොටු නැඟේ...ඒ මව් සිටන බවට සාධකයකි..
අතහුන් කිරිකැටියා අහිංසකව සිනහසෙමින් කාත් එක්කදෝ කතා කරයි...හිතට වෙර ගතිමි...මේ මා වෙනුවෙන් නොව මේ දරුවා වෙනුවෙනි.."ඇය" මට සමාව දෙනු ඇත..මිටි කරගත් වෙව්ලන අතින් දිරාගිය දොරට සන් කෙළෙමි..

"ටොක්..!..ටොක්..!..ටොක්..!"
 ==============================================================

විදුලිය එළිය දැක ගිණිහුල දියේ හෙලා...
මඟ වැරදිලා දිව්වේ මං මුලා වෙලා...
පැනගිය මුවන් ලඟ හැලුනයි නෙළු පලා..
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා..

කස්තුරි කපුරු කෑ තරමට එපාවුණි..
තිත්තයි අනේ තිත්තයි මී වදේ පැණි..
ඇස් රතු කළ කොලොප්පමකට හිනා උණි..
මහ මෙර සේ නුඹ නොදොඩා බලා උණි..

මෝල් ගහත් ඇවුළුණි කරුම ගින්නට..
උණුසුම මදිවුණා ඔය පැලෙ ඉඳින්නට..
මා ගිය මාවතක් හෙම නෑ පෙනෙන්නට..
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට..

සොඳුරු ගේය පද සිත්තම : ස්වර්ණ ගුණවර්ධන
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම :ඉන්ද්‍රාණි බෝගොඩ

16 comments:

  1. @ thamara,
    බොහොම ස්තුතියි..මේ ඉසව්වට ආදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  2. ගීතය කලින් අහල තියෙන බවක් නම් මතක නෑ. ඒත් කතාව කියෙව්වම කොහෙන් හරි හොයල අහන්න හිතුන. ගීතයේ තේරුම කතාවෙන් පස්සෙ තමයි හොදටම පැහැදිලි උනේ. සාහෝදරයට ස්තුතී මේ වගේ ගීත හොයල, කතාවකුත් ලියල අපිව රසවත් කරනවට…
    (කතාව එක්කම ගීතයේ හඩත් අහන්න සලස්වන්න පුලුවන්නම් අති විෂිශ්ටයි)

    ReplyDelete
  3. අපූරු බ්ලොග් අඩවියක්.
    මගේ අඩවියේ කමෙන්ටුවක් දැමූ අයෙක්ගේ පිහිටෙන් මේ අඩවිය සොයා ගතිමි.
    අපූරු ලිපිය.
    පාඨකයාගේ දෙනෙත් තෙත් කල හැකි ආකාරයට ලිවීමට ඔබට හොඳ හැකියාවක් ඇත.
    දිගටම ලියන්න.
    ජය

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හරිම අපූරු ලියවිල්ලක්. ගොඩක් සංවේදී විදිහට ඔබ ලියනවා.

    දුකාගේ පෝස්ට් එකට දාප කමෙන්ට් එකක් දිගේ තමයි මමත් ආවෙ.

    ඔබේ බ්ලොග් එක සින්ඩිකේට් වෙනවද ?


    (වර්ඩ් වෙරිෆිකෂන් අයින් කලොත් කමෙන්ට් කරන අයට ලේසි වෙයි. )

    ReplyDelete
  6. ගීය නොහුරුයි..
    සත්සරින් ගයෙනවාට වඩා ගද්‍ය ප්‍රබල වන්නේ ඉතා කලාතුරකින්.
    මේ එවන් අවස්ථාවක්. අරුත් ගන්වා ඇති අයුරු කදිමයි..

    ReplyDelete
  7. @Ano,
    බොහොම සිතූතියි සටහන..හිතවත්කම නම් ඉස්තරම්..අපි බලමුකෝ ඉඩහසර ලැබෙන විදිහට

    ReplyDelete
  8. @දුකා,
    බ්ලොග් අවකාශයේ දැවැන්තයෙකුගේ පැමිණීම..ඔබතුමාව ආදරයෙන් පිළිගන්නවා මේ අඩවියට..

    ReplyDelete
  9. @දුමී,
    බොහොම තුති..ඔබගේ පැමිණීම සතුටක්..එම ගැටළුව මගහරවන්නට උත්සාහ කරන්නම්

    ReplyDelete
  10. @intox,
    ගීය ඉතාමත් සොඳුරුයි...මේ දිනවල බොහෝකාළයකට පසුව ගුවන්විදුලියේ අහන්න ලැබෙනවා..ස්තූතියි සටහනට.

    ReplyDelete
  11. ලස්සනයි ලියමන..
    http://www.infolanka.com/miyuru_gee/qqq/q116.ram
    සිංදුවට ලින්ක් එකක් මේ...

    ReplyDelete
  12. @චේජනා,
    ස්තූතියි ගොඩවැදුනට..සින්දුවේ ලින්ක් එක දීම නම් බොහෝ අගනේය.

    ReplyDelete
  13. "බ්ලොග් අවකාශයේ දැවැන්තයෙකුගේ " පුහ් . . .

    අහ් මේ සින්දුව මම හිතාගෙන හිටියේ වසන්තා තිලකාංගනීගේ කියලා . .
    හරිම ලස්සන සිංදුවක්.

    ඒකටම ගැලපෙන විදිහට ලියපු ලිපිය නිසා ගීතයේ වටිනාකම තවත් වැඩි වෙලා . .

    ReplyDelete
  14. සහොදරය ලියන මෙ වගේ ගී සිතුවම් වල නුපුරුදු ගීත පල කලොත් හොඳයි නේද?
    http://www.opendrive.com/

    ReplyDelete
  15. @intox,
    ඔව්..ටිකක ඒ ගැන සොයා බලන්න ඕනෑ..ස්තූතියි යෝජනාවට..

    ReplyDelete