Wednesday, January 19, 2011

"ළසඳ කැල්මේ එතී එන්නම්......රුවැත්තියෙ මම ඔබ සොයා.."

සිතුවම් ගත්තේvi.sualize.us අඩවියෙනි.

ජීවිතය පිරිපුන්ව ඇතැයි මට සිතෙනුයේ මන්ද?..වෙනදාට පැය දොලහේ රාජකාරිය නිම වී නිවසට ගොඩවන්නේ හෙම්බත්වීය..ඒත් දැන් දැන් මා ගෙදර දිව එන්නේ අපරිමිත වූ සංතුෂ්ඨියකිනි.මන්ද පෑල දොරට වාරු දී ඇය මං එන පෙරමඟ බලනු දන්නා නිසාය.

"ඩ්‍රයිවර මල්ලියෙ..ටිකක් සිහිකල්පනාවෙන් ඕක කරකවපන්..ගල්පිල හෙළ ගැන උඹට අමුතුවෙන් කියන්න ඕනය..??"

සිරිසේන අයියා මට උපදෙස් දෙයි..මගීනට ප්‍රවේශපත් දෙන අතරතුර මා ගැන විම්සිලිමත්වන ඔහුගැන මාතුළ වැඩුණු ගෞරවයක් ඇත.වෙනදාට දිනය අවසානයේ අප දෙදෙනාට වෙනම රාජකාරියක් ඇත..අවසන් ගමන් වාරය නිමවා පාසැල්පිටියෙහි බස් රථය ගාල් කොට පාලගේ තිප්පොළට රිංගන්නේ හොඳට පැහුණු රා වඩියක් සප්පායම් වීමටයි..එහෙත් මේ දිනවල සිරි අයියාට ඒ පැත්තේ තනියම යාමට සිදු වී ඇත..ඒ නිසාම ඔහුත් මාත් අතර පෙරමෙන් සම්බන්ධයක් නැතිවූවද ඔහු මාගේ මේ වෙනස් වීම පිළිබඳව සතුටුවන බව දනිමි.

ලංකා ගමනාගමන මංඩලයේ රියැදුරෙකු ලෙස මා ලද මුල්ම පත් වීම වූයේ වැල්ලවාය ඩිපෝවට අනුයුක්තව සේවය කිරීමයි.තාරුණ්‍යයේ එළිපත්තේ සිටි මට "පාසැල් සේවා මුරය" වූ කලී නැවුම් හා සතුට දනවන රාජකාරියක්වූයේමැයි.මල්ලිකා හා මා අතර ප්‍රේම වෘතාන්තයට පදනම වැටෙන්නේ ඔය අවධියේදීය.බාලිකාවන් පිරිවරා මහ අරාවේ ඇණිකට් එක ලඟ බස් රථය පැමිණෙනතෙක් පාර බලන ඇය මට දිස්වන්නේ සුරංගනාවියක් ලෙසය.ලැමට පොත්ටික තුරුළු කොටගෙන මඳ සිනහායෙන් රියට ගොඩවෙන ඇය නිසාවෙන් එතැන් සිට මාගේ හිතටද දෑසටද නිවනක් නොවූ තරම්ය.කෙසේවතුදු ඒ අතීතය නිමවූයේ ඈත් මාත් කූඩුවූ පසු සුඛාන්තයක් ලෙසිණි.එක්තැන්වී වසරක් ගත වුවද අපගේ බැඳීම නැවුම් බව දැනෙනුයේ මාත් ඈත් උණුන් ගැන අවබෝධයෙන් පසුවන නිසාවෙන් බව දනිමි.

"ඒයි..අතාරින්නකෝ අනේ අත....මේ මිනිස්සු බලං ඉන්නවා..ඕං හෙටනම් මේ බත් ගෙඩිය එවන්නෙ මල්ලි අත."

එකොළහමාරේ බසයට දිව එන ඇය රියැදුරු අසුන ලඟවන කවුළුවෙන් මා අත තබන කෑම පාර්සලය ගන්නා ගමන්ම ඔච්චම් කරමි..වහා ඉවතට පැනගන්නා ඇය නෝක්කඩුබැල්මෙන් බලාහිඳින්නට ඉඩහැර බසය වේගයෙන් පණගන්වමි..විළියෙන් රතු වූ මුහුණ බියෙන් කළු වී යනු හොරැහින් දකිමි. 

"ඔය රා පානෙ එනකොට යසයි ඌරු තඩියෙක්වත් පස්සෙන් ආවොත්.මට ආසයි මෙයැයි පන කඩං දුවනවා බලන්න..ඇයි යකඩො කොච්චර කීවත් මේ පන්දම අරන් යන්නෙම නැහැනෙ.."

ඇය සූදානම් කොටදෙන අඩුම කුඩුම උස්සාගෙනයාමටවන කම්මැලිකම හේතුවෙන් උවමනාවෙන්ම දමායන දිනවල ඇගේ ආඩපාලි මා ඉවසිය යුතුය.මාගැන සෙවුම් බැළුම් හෙළන්නට ඈ වෙහෙසීම ගැන අප්‍රමාණ සතුටක් හිතේ ඇතිවේ...
ඈ පෑලදොර අබ්බියස අඳුරට දෑස් දල්වා බලාහිඳිනු ඈත සිටම දකිමි.ඇයට හොරෙන් ඈදෙස බලා හිඳීමේ ආසාවක් ඇතිවේ..මඳ එළිය විහිදුවන ලාම්පු එළියෙන් එක් කම්මුලක් රන්වන්පාටට එළියව පැවතුනද අනෙක්පස නොපෙනේ..ඈ ගීයක් මුමුණනවා වියයුතුය..සොඳුරු පදවැලක් හිතට නැගේ..ඔව්..ඒ ඈ වෙනුවෙනි..

"ලොවේ කොයිකාටත් හොරෙන්..
ලැගුම් ගන්නම් ඇසිල්ලක් මා..
ඔබේ සිත් යහනේ..

නින්ද නොමැතිව සිටිනවිට ඔබ
කවුළුදොර ලඟ මඟ බලා..
සුළං රැල්ලේ එතී එන්නම්..
මුවැත්තියෙ මං ඔබ සොයා..

සුසුම් කව් ගී සෙමෙන් මුමුණන
ඔබේ තනි නොතනිය මකා..
ළසඳ කැල්මේ එතී එන්නම්..
රුවැත්තියෙ මම ඔබ සොයා.."

oooooo0oooooo0oooooo0oooooo0oooooo0oooooo


සොඳුරු සළරූ සිත්තම vgthilina සහෘදයා විසින් YOUTUBE අඩවියට එක්කළ නිර්මාණයකි.

 

සොඳුරු ගේය පද සිත්තම : .........................
දිව්‍යමය සත්සර මුසුව :............................
මියුරු ගැයුම :රෝහණ සිරිවර්ධන

7 comments:

  1. අනර්ඝයි ගී සිතුවම....

    ReplyDelete
  2. harima lassanai.mama gee sithuwam hemadam kiyawanawa.eth ada thamai comment ekak damme,digatama liyanna

    ReplyDelete
  3. @Nadeesha,
    බොහොම සතුටුයි...සාදරයෙන් පිළිගන්නවා...අඩුපාඩු පෙන්වාදෙන්න..

    ReplyDelete
  4. ගීතයේ අර්ථය අපූරුවට හිත් ඇතුලටම පුරුද්දන්න පුලුවන් විදිහට ගීතයට කතා රචනා කිරීමේ ඔබේ හැකියාව අනර්ඝයි.

    ගීත වලට රූප රචනා කරගන්න බලාපොරොත්තු වන අයට ඔබව නෙත නොගැටුනේ ඔවුන්ගේත් අපේත් ආවාසනාවටම වෙන්ට ඇති.

    ඒත් ඒ දවස ඉක්මනින් උදාවේවායි මගේ පැතුමයි.

    ReplyDelete
  5. @දුකා..'
    මහත්තයෝ ඔය මුරුංග අතු හයියම නැති ජාතියක්නෙ.

    ස්තූතියි..

    ReplyDelete
  6. දක්ෂයින් මුරුංගා අතු අග තැබීමක් අවැසි නොවේ.

    කෙනෙකුගේ දක්ෂකමක් අගයන්නේ නැති නම් එය කුහක කමකි.

    දක්ෂයෙක්ට දක්ෂයා කීම මුරුංගා අතු අග තැබීමක් නොවේ.

    ReplyDelete