ලද ඉසිඹුවේ නුවර වීදි පුරා අරමුණකින් තොරව ඇවිද යාම වූ කලී මගේ ජීවිතයට එකතුවූ අළුත්ම විනෝදාංශයයි..කෙසේවතුදු එකක් කියමි..අගනුවරුන් මෙන් නොව නුවරු රූකඩයෝ නොවෙත්.....
==============================================================
පේරාදෙණිය දුම් රියපලට මල්වත්ත ඇස නොගැටී යාගතහැකි ඉසව්වක් සොයමින් හුන් තැනම කොපමන වේලාවක් සිටියේදැයි නිනව් නොවේ....බදුල්ලේ සිට කොළඹ බලා දිවෙන දුම් රිය පේරාදෙණිය නැවතුමට තව මිනිත්තු කිහිපයකින් ලඟා වෙනු ඇත..දෙවරක් නොසිතාම පැණිදෙණිය බසයට නැග හිස්ව තිබූ අසුනකට බරව දෙනෙත් තදින් පියාගතිමි..බැරි වෙලාවත් මල්වත්තට පිවිසෙන ද්වාරය නෙත ගැටුණහොත් අපේ මතකය ඇවිස්සෙනව කියල මන් දන්නව දන්ත..
"මිස් කොහාටද ටිකට් එක..."
මේ මනුස්සයා මුදල් ඉල්ලුවේ හරියටම මල්වත්ත පේන මානයේදී...හිත මොහොතක් නැවතුනා...ද්වාරය මගේ ඇස් මානයේ...දැන් ඉතින් මගේ හිතිවිළි නුඹ මා ගෙවූ අතීතය සොය සොයා ඇවිදින එක මන් නවත්වගන්නෙ කොහොමද??..
මතකද..ඔයා කැමතිම තැන...අර වැල්පාලම ලඟ බංකුව...මමත් එතන ආසකලා...මහවැලි ගං දෑළ අපූරුවට එතෙන්ට පේනව..වැහි බීරුමත් එක්ක සසල වුණු ඒ අළුපාට හැන්දැවල් කීයක්...මට ආසයි ආයෙත් එතන ඉඳගෙන අර දුවන වැස්සෙ තෙමෙන්න..දොඹගෙඩි තරම් වැහි බිංදු ජලතලයෙ තෙරපිලා නොපෙනී යනවා බලන්න..
"රේණු ඔයා තෙමෙනවනෙ දරුවෝ.."
"ඉතිං මං විතරක්යැ.."
"එහෙනම් ඔන්නඔහෙ දෙන්නම තෙමෙමු.."
මං හෙමිහිට ඔය උරහිසට වාරුවෙනව..
මතකද.."අර රන් පාට සමනළයො...."
"කෝ..කොහෙද..??"
"ඇයි අනේ..අර..අර..පඳුර වටේට ඉන්නෙ..."
ඔයා මගෙ මූන දිහා ටිකක් පුදුමෙන් බලාන හිටිය..මං දැනගත්ත මගෙ වචනයක් අල්ලගත්ත කියල...
"අනෙ මන්ද...මට බඳින්න වෙන්නෙ වර්ණ අන්ධතාවය තියෙන කෙල්ලෙක් වගෙයි..හොඳවෙලාවට වට පිටාවෙ කවුරුත් නැත්තෙ.."
".........."
"ඇයි මෝඩියෙ ඒ කහපාට සමනල්ලු රෑණක්නෙ.."
ඔව් දන්ත...මං ඔයාගෙ ආදරය ඉදිරියේ මෝඩයෙක් නම් තමයි..මං මෝඩ විදිහට ඔයාට ආදරය කළා..ඔයා මගෙන් ඈත්වුනේ හේතුවක් නොදීම...මොකද්ද හේතුව කියල මං අපේ අතිත මතක පිටු අතර තාමත් හොයනව...මං අතරමං වෙලා..
අනේ එකපාරක් කියන්න මාව අමතක කරන්න හේතුව..
සොඳුරු ගේය පද සිත්තම : .නිලාර්.එම්.කාසීම්
==============================================================
සොඳුරු සිත්තම ගත්තේ..www.fionasansom.com

oooooooOoooooooOoooooooOoooooo
සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
දෙන්න ඔබේ එක සිනා පොදක්........
හඩා වැටෙන්නට ලොවට හොරෙන් මට
දෙන්න අපේ මතකයෙන් බිදක්........
කතාකරන්නට අපගැන බිදුවක්
අපගැන අසනා අයට ඉතින්......
කියාදෙන්න මට මා හැර ගිය හැටි
තාමත් ඒ ගැන දන්නෑ මං........
අළුපාට හැන්දෑවෙ වැහිබිංදු පොද වැටෙන
ගංදෑල තවමත් ඒ වගේද මට කියන්
දං පදුර උඩ නටන රන් පාට සමනල්ලු
මං කොහිද ඇසුවාද මට කියන්......
රන් පාට දැවටිච්ච තුරුවදුළ මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්..
මං උඹේ හිත ලඟම උණුහුමට ගුලි වෙච්ච
මල් සමය නිමවුණිද මට කියන්...
රන් පාට දැවටිච්ච තුරුවදුළ මත පිපුණ
පින්න මල් පරවුණිද කුමරුණේ මට කියන්..
මං උඹේ හිත ලඟම උණුහුමට ගුලි වෙච්ච
මල් සමය නිමවුණිද මට කියන්...
අහන්න....
සොඳුරු ගේය පද සිත්තම : .නිලාර්.එම්.කාසීම්
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : නිරෝෂා විරාජිණී
prashnayk????
ReplyDeletecolombo indala badullata yana train eka peradeniya station eke nawathwanne koi kale indalada? lagadida patan gaththe..mama danna tharamin nam peradeniya thunman handiyen kandy paththata wenna thawai pere station eka thiyenne....
ithin ethakota komada badulu train eka eke nawathwanne...
anyway honda kathawak lassanata liyala thiyanawa
ko me blog eke aithi karaya ko mama kalin dapu comment ekata reply
ReplyDelete@Ano,
ReplyDeleteස්තූතියි...
කොළඹ ඉඳල බදුල්ලට නෙවි...බදුල්ල ඉඳලා කොළඹ බලා දිවෙන...ආයෙත් කියවන්න...
කොහොම නමුත් ඇවිල්ල අගය කලාට ..බොහෝම ස්තූතියි...ආදරයෙන් පිළිගන්නවා මේ අඩවියට..
eth badulle indan colombo ena train ekakuth komada pere station eke nawathwanne...
ReplyDeletepere junction eka thiyenne station eken kadugannawa paththata wenna ne
oyata ayemath waradila wage mata penne,,,
oluwa wadunada kohe hari
oyage gama koheda aththatama,,,
ki paraka train eke gihin thiyada
Peradeniye thamayi navathvanne . Badulu - Kolamba pare Kandy yanne nathi trains Pera bahinna ona.
Deleteආදරේ කරන හැමෝම කරන්නේ එකම දේවල්, මුහුණ දෙන්නෙ එක සමාන ගැටලු වලට. මේ හැම කතාවක්ම එක සමානයි. ඉතින් ඒ අය හිතනව ප්‍රශ්න තියෙන්නෙ තමන්ටම විතරයි කියල. කොච්චර අනුවණ කමක්ද?
ReplyDelete@Hishan Melanga,
ReplyDeleteහැබෑව මල්ලියේ...මේ හැම කතාවක්ම එකිනෙකට සමානයි..ඒත් විඳින, විඳවන ආකාරය අනුව වෙනස් වෙනවා...හැමදාමත් වගේ මාව බලන්න ආවට ස්තූතියි..
හරිම ලස්සනයි..
ReplyDelete