Thursday, April 21, 2011

"අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ....."

පින්තූරය ගත්තේ...www.jonschueler.comgalleryrain.html.

'අනෝරා වැස්ස...දහවලේ පටන්ගත්තු වරුසාව එක දිගටම පැය තුනක් හතරක්...එක විදිහටම...පරිඝණක තිරය මත රැඳුණු නෙතු ලද ඉසිඹුවේ කවුළුවෙන් එපිට හොයාන දුවනව...මේ මම් හෙව්ව ජීවිතයද???ඔව්..වසර ගණනාවකට පස්සෙ මට ජීවත්වෙනව කියල හැඟෙනව..දැනෙනව...හීනයක්වුණු ජීවිතය හැබෑවටම විඳිනව...සෙංකඩගල වැස්ස...කාර්යාලයෙන් එලියට බැහැල වැස්සෙම නවාතැනට ආවා...මිනිස්සු හිතනවද දන්නෑ මට පිස්සුයි කියල...ඒත් මම් මේ වෙනසට කැමතියි...මට එක උදව්වක් කරණවද??..දවස එක තැන නතරකරළ දෙන්න..!'

ooooooooooooOoooooooooooooOooooooooooooo

අදම රැකියාවට වහාම වාර්ථාකරන්නැයි දන්වමින් එවූ විදුලි පණිවිඩය ලැබෙන විට මම් හිටියෙ දෙලොවක් අතර...ඇයි දෙයියනේ..මට ආයෙත් පරණ මතකයන් අතරට යන්න වෙනවට මගේ හිතේ තිවුනෙ දෙගිඩියාවක්..කෝකටත් මගේ හිතේ ශක්තිය මැන ගන්න මට උවමනා වෙලා තිවුණ.
නගරාන්තර දුම් රියේ තෙවන පන්තියේ මැදිරියක කවුළුව අසළම වූ අසුනක මගේ පංචස්කන්ධය සිරකොට තිබුනද සිත නම් දොඩමළු වන්නට සැරසෙන බැව් හැඟී ගියෙන් මා පසුකර ඈතට දිවෙන සියලු සචේතණික,අචේතණික රූපකායන් කෙරෙහි හඹායන්නට වෙහෙසුණෙමි..නමුදු මා දසුනට හසු වූ "සරසවි උයන" දුම්රිය නැවතුම ඒ සියළු උත්සාහයන් නිරර්ථක කොට අතීත මතකයන් මා අභිමුව මවන්නට වූයේ ගතද වෙව්ළුවා තබමිනි.
ඔව්..හරියටම වසර හතකට පසුවද මා පය තැබූ නුවර දුම්රියපල බිඳුවකුදු නෙවෙනස්ව පවතී..බිහි දොරටුව අසල වූ කාකි ඇඳුම ඇඳගත් ප්‍රවේශපත් එකතුකරන්නාට ප්‍රවේශපත දී හණික පිටවුණෙමි..මේ අහම්ඹයක්ද???..නුවර අහසද එසේමැයි..සෙංකඩගල අහස ගැබ්බරව මගේ හද මඬලද සුසුමින් පුරවාළුයේයැ...
අරමුණක් නොවූ මගේ දෙපා දළදා වීදිය දිගේ ඇදුණේ කලබල වූ හදවත දළදාහිමිගෙන් සහනයක් බලා පොරොත්තුවෙන්ද නැත හොත් හිතේ අඳුරු මුල්ලකට තබා සඟවා අගුළු දමා තිබූ ඈ ගැන මතකයන් අවදි කර වේදනාත්මක සතුටක් විඳ ගැනීමටදැයි පැහැදිළි අදහසක් මා සතුව නොවිණි.එක් උරහිසක එල්ලෙන ගමන් මල්ලත් අනෙක් උරහිසෙහි වාරු වී එන මගේ සගයා ජංගම පරිඝනකයත් අපහසුවෙන් දරාගෙන වළාකුළු බැම්මට වාරු දුණිමි.වැවට පිටුපා බැම්මට වාරු දුන්නේ මන්දැයි මා සිතන්නට වීමි..හැබවින්ම මේ සුන්දර ජල තලය මට බොහෝ දේවල් මතක්කර දෙනවා නේත්‍රා..
 ගැබ්බර වූ අහස අපහසුවෙන් දරා සිටි වරුෂාව නම් වූ දරුවා වදන්නට යන සෙයකි..සුසුමක් හෙළුනේ මා වෙනුවෙන්ද එසේත් නැත්නම් ඈවෙනුවෙන්දැයි නොදනිමි...

"මහී..."
"හ්ම්.."
"හෙටින් පස්සෙ මං ඔයාව නොදැක ඉන්නෙ කොහොමද කියන්න..."
"ඔයාට මතකද අර බංකුව...අපි මුලින්ම හමුවුණ දවස..අවුරුදු හතරක්ම ගෙවුණ...ඒත් බංකුව එහෙමමයි...ඒ වගේමයි..මගෙ ආදරෙත්..."
"මට විශ්වාසයි..ඒත්..!"

ඔව් නේත්‍රාංජලී..මට ඔයාගෙ ආදරේ වෙනසක් වෙතැයි නිකමටවත් හිතුනෙ නැහැනෙ..ඒත් ඒක එහෙම වෙලා තිබුන..
වැස්ස පටන්ගැන්මෙන්ම මහවරුසාවකට අරාඳින බැව් හැඟුනෙන් නුවරු කලබළ වී ආවරණ සොයමින් එකිනෙකා පරයමින් දුවයනු මා නෙතට හසුවුවද මගේ සෝමාරි හිත මගේ පංචස්කන්ධය බිඳකදු නොසොල්වන්නට වග බලා ගත්තේය..එහෙත් වැඩි වෙලාවක් එසේ සංවරව හිඳීමට නොහැකි වූයේ දොඹගෙඩි තරම් වූ වැහි බිඳු එකිනෙක පාත් වෙන්නට වූ පසුවය..මේ සෙංකඩගල වරුසාවට තෙමෙන්නට මා සිතේ වූ අපරිමිත ආශාව යටපත් කොටගෙන කරට වාරු දී නිසොල්මනේ වූ මගේ ගමන් සගයාගේ ආරක්ෂාව පතා පාර පැන්නෙමි...නමුදු..
මා මෙනුවරට අද පා තැබූ මොහොතේ සිටම වූ සියළු සිද්ධි දාමයන් අහම්ඹයන් වූවායැයි කොහේ හෝ තැනක මා ඔබට පැවසුවායැයි මතක තියේ..මගේ අපරික්ෂාකාරී පාරමාරුව හමුවේ වේගයෙන් ඇදී ආ මෝටර් රථය තිරිංග තදකළෙන් මාහට ත්වත් ජීවත් වීමේ වාසනාව තිබුණු බව හැඟුණි..

"ඒයි බූරුවා...!

මමද බූරුවෙකු සේ යටහත් නියාවෙන් රථය දෙස බැලීමි..
රියැදුරු අසුනට යාබද අසුනේ ඈ උන්නාය...

"දෙනේත්‍රා...!"

මුවින් නොබිනූ මම අසුරු සැනින් ඉගිල්ලුණු මෝටෝ රිය හඹමින් ඈ සෙව්වෙමි...
එකෝමත් එක දවසක මෙවැනිම වූ දිනක මා අසලින් උරහිසට වාරු දී ඇගේ මල් කුඩයේ සැඟවෙමින් මේ දළදා වීදියේම් ගමන් කළ ඇය..මා දෙ අතක වෙනු බලා දෙනෙතට ඉනූ කඳුළු කැට වැහි දියෙන් සේදෙනුවස් හෙමි හෙමින් ගුඩ් ෂෙඩ් බස් නැවතුම කරා පියනගන්නට වීමි....

oooooooOoooooooOoooooooooOoooooooo

 
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ...
උඩ ඉගිළෙන විට වැහිලේනී....
එබී බලා..රිය කවුළු දොරින්..යටගිය දවසේ..
දෑස ගියා..ඉගිලී.......

අඳුරු වලා..සෙංකඩගල වැස්සේ...
දිය දහරා..පාටයි දේදුන්නේ...
තෙමී..තෙමී...ආදර මධු වැස්සේ..ගිය දෙදෙනා..
අද යනවා දෙමංසලේ..

රිය ඇතුලේ..උණුසුම ඔබට දිදී..
නහවයි මා..රිය සක මඬවතුරේ...
නෑ හිත රිදුණේ..අදත් එදා සිහි වී..
අපේ සබඳ කම් නෑ රියසක දන්නේ...

අහන්න.....

video

8 comments:

  1. හැම දෙයක්ම එකිනෙකට සම්බන්දයි. ආදරය කරීමට වඩා ඒ ආදරය ගැන සිතමින් සිටීම වඩා රසවත් බවයි මගේ නම් හැගීම. මොකද දෙදෙනා එකිනෙකා දැන අදුනාගෙන ආදරය සැබවින්ම කරන විට හිත් තුල ඇති වෙන ප්‍රශ්න කිසිවක් එවිට සිතට නොනැගෙන බැවිනි. ඒ ක්‍රමය ආදරය අහිමි වූ විටද සිදුකිරීමට දියුණු කර ගැනීම පිළිබද සිතා බැලිය යුතුයි. Couple වෙලා ඉන්නවට වඩා Bachelor ජීවිතය කොහොමත් රසවත් :)

    ReplyDelete
  2. ස්තූතියි රොබින්..මේ ඉස්ව්වට ආදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  3. @Hishan Melanga,
    හ්ම්..හ්ම්...ආයෙත් අහල...ඇලීම් බැඳීම්වලින් තොර ජීවිතයේ රහ දන්නෝ දනිති..

    ReplyDelete
  4. අහම්බෙන් වගේ බොහොම කාලෙකට පස්සෙ මේ අඩවියට ගොඩ වැදුනෙ...

    ඉවරකලයුතු "report" එකක් තිබුනත් ඒක පැත්තකින් තියල අලුත් පෝස්ට් ඔක්කොම ටික කියෙව්ව, නිකම්ම යන්නැතුව කොමෙන්ටුවකුත් දාලම යන්න කියල හිත කියනව...

    සෙන්කඩගල පුරවරය හොදින්ම හිතට අල්ලල ගිහින් තියෙන බවනම් පේනව, ලගදි දාපු පෝස්ට් කීපයක්ම ඒ පලාතට සම්බන්ධව ලියවිල තියෙන නිසා....

    කොහොම උනත් නුඹගැන හොදින්ම දන්න යාලුවෙක් විදියට මට තවම හිතාගන්න බැරි නුඹ වගේ කලාකාමී, අනුන්ගෙ හිත් හොදින් අදුනන කොල්ලෙක් කොහොමද මෙච්චර කාලයක් තනිකඩව හිටියෙ කියන එක... තනිකඩව ඉන්න එකෙන් එක අතකට නුඹ කරන්නෙ ලොකු අසාධාරනයක්... අනික් අතට ඒ ආදරය ලබන්න සුදුසු කෙනා ලැබෙන්නත් ඕනෙ...

    ReplyDelete
  5. @Ano,
    මගෙ සහෝදරය කවදත් මට ලෙංගතු විත්තිය මං දන්නව...මගේ දියුණුව නිතරම සොයා බලන නුඹ වගේ යාළුවන් වාසනාවන්...මං හිතන්නෙ මං මේ අඩවිය ලියන බැව් දන්න එකම කෙනා නුඹ වෙන්න ඕනෑ..ඇවිල්ල බළල සටහනක් තබා ගියාට බොහෝම ස්තූතියි..

    ගී සිතුවම්.

    ReplyDelete
  6. අහම්බෙන් මේ අඩවියට ගොඩ වැදුනෙ... bohoma apoorui mage adahas walata galapena kala kaaami mithuran rasak hamu wemmata labeema

    ReplyDelete