"බොහෝ දෙන කලහ ශබ්දය අසා රැස් වූහ.මහ බෝසතාණන්වහන්සේ, "මේ කුමන අරගලයක්දැ'යි විචාරා,උන් දෙන්නාම ගෙන්වා දෙන්නාගෙන් ඔවුනොවුනට කියන බස් අසා,'මා කී යුක්තියෙහි සිටිවු දැයි කියා 'සිටුම්හ'යි කී කල්හි,පලමු කොට දික්පිටියා බණවා,ට්"හෝ කිනම්දැ'යි විචාළ සේක.'දික්පිටියා නමි ස්වාමීනි' කීය.'අඹුවන් ගේ නම කිම්දැ'යි විචාළ සේක.ඇගේ නම නොදන්නේ අනෙක් නමක් කීය.'තාගේ මෑණියෝ පියාණෝ කිනම්මුදැ'යි විචාළ සේක.'මේ මේ නමැ'යි කීය.'තාගේ අඹුවන් ගේ මැණියෝ පියාණෝ කිනම්මුදැ' යි විචාළ සේක.ඒ නොදැන අනෙක් නමක් කීය.ඉක්බිත්තෙන් ඔහු ගේ බස් සහායෙහි උන්නවුන් ගිවිස්වා ඔහු එතැනින් පිටත් කරවා කාල ගෝළයා ගෙන්වා පෙර පරිද්දෙන් ම හැම දෙනාගේ ම නම් විචාල සේක.ඒ වූ පරිද්දෙන් ම දන්නේ නො වරදවා ම කීය.ඔහු ද එතැනින් පිටත් කරවා ,දික්තලා ගෙන්වා,'තෝ කිනම්දැ 'යි විචාළ සේක.ඕ,මම ස්වාමීනි,දික්තල නමි' යි කිව.'තිගේ සැමියා කිනම් දැ' යි විචාළ සේක.ඕ සොර සැමියාගේ නම නොදන්නී අනෙක් නමක් කිව.'තිගේ මෑණියෝ පියාණෝ කිනම්මුදැ' යිවිචාල සේක.'ස්වාමීනි අසවල් නම්මු යැ' යි කිව.'තිගේ සැමියාගේ මවුපිය දෙන්නා කිනම්දැ'යි විචාළ සේක.ඕ නන් දොඩන එකක මෙන් අනෙකක් කිව.මහෞෂධ පණ්ඩිතයන් වහන්සේ දික්පිටියා හා කාළ ගෝළයා හා දෙන්නා ගෙන්වාගෙන 'මෑගේ බස් දික්පිටියාගේ බස් හා සමද;කාළ ගෝළයා ගේ බස් හා සම දැ'යි බොහෝදෙනා විචාළ සේක.හැම දෙනම 'පණ්ඩිතයන් වහන්ස, කාළගෝළයා ගේ බස් හා සම හැ'යි කීහ.ඉක්බිති,මේ කාළ ගෝළයා මැගේ සැමියාය. දික්පිටියා සොර සැමියා යැයි කියා, ඔහු විචාරා සොර සැමියා නියාව ගිවිස්වූ සේක.
-උපුටා ගැනීම "උම්මග්ග ජාතකය"මාහැඟි ගද්‍යය කාව්‍යයේ එන "කාළගෝළ ප්‍රශ්ණය" ඇසුරිණි...
ooooooo0ooooooo0ooooooo0ooooooooo0ooooooo
"සකළ සිරින් සිරි මේ ජම්බුද්වීපයේ..කේතුමතී රජදහනට සමවූද..මිහිබට තව්තිසා රජදහනකට සමවූද සියළු ධන ධාන්‍යයෙන් ආඩ්යවූ...මේ මියුළු නුවර කරවන මහා තේජෝබල පරාක්‍රමයෙන් සිහසුන් දරා සිටින්නාවූද..බ්‍රහ්ම දත්ත කුලයෙන් පැවැත එන්නාවූද..සේනකය..කාවින්දය..දේවින්දය..පුක්කුසය නම් ලද්දා වූ සිව් මහා පඬියන්ගෙන් රැකවරණ ලබන්නාවූද මහා වේදේහ මහා රාජෝත්තමයාණන් වහන්ස... මේ බලුගැත්තාට අනුකම්පාවෙන් මේ මාගේ අභියාචණය සළකා බලණු මැනැවී...!
"ප්‍රේමය" නම් මෙයයැයි නොදන්නා අසුවල් නියම් ගමෙහි යුක්තිය පසිඳළන්නාවූ මහෞෂධ නම් වූ ළදරු පඬියෙක් මා හද බැඳි මේ දික්තල නම් වූ රුසිරු ළඳ මොනයම්ම වූ රූප සම්පත්තියක් නොමැති මේ කාලගෝලයාටම සස්වාමිකය'යැයි පසිඳලන ලද්දේය... අහෝ.."දික්තල" වෙනුවෙන් මා හදතුල මැවුණු ප්‍රේම මාළිගා බිමට සමතලා වෙනු බලා මාගෙහි නෙතු අඳව..ඇගේ කර්ණ රසායන කට හඬ නොඅසා දෙසාවන් බිහිරිව.. ඇගේ වාත්තුකළාක්වන්වූ රූ සපුවෙන් හමා එන රස නහර පිනවන පුසුඹ නොදැනෙන්නට දෙනාස් පුඩු නොවිවරව මා මියෑදෙන්නට පෙරාතුව මාගේ මේ "අභියාචණය" සළකා බලා ..දෙයියෝ බුදුවන්න...ඈ මට හිමිකර දෙන මෙන් උතුමානන්වහන්සේගේ දෙපා නැමැද, භය බෝයි..ස්වාමීණි..."දික්පිටියා" නම් වූ බළුගැත්තරයා මේ අභියාචනයෙන් අයැද සිටී.....!

oooooooo0ooooooo0oooooooo0ooooooo0oooooooo
අභියාචනයක් පිළිගන්වන්නට අවසර බඹදත් මහරජුනේ..
දික්තලාගෙ හද දිනු දික් පිටියා ..මමවෙමි බඹදත් මහරජුනේ...
කාළගෝල බැලමෙහෙවර කෙරුවට ඇය නැත ඔහු වෙත පෙම් බැන්ඳේ..
රහසේ ඇය මට බහ දුන් හින්ඳයි ඔහු හැර යන්නට එකඟ උනේ..
මුළාකිරීමක් පැහැර ගැනීමක් කර නැත මා නම් මහ රජුනේ..
අභියාචනයක්..!
යුක්තිය පසිඳන ඔබෙ මහ පඬිවරු හඳුනන්නේ නැත පෙමක අගේ..
සත්වසරක් තුළ ඔහු කළ මෙහෙයට දෙන්නම් මුළු සේසතම මගේ..
අවසර දෙනුමැන ඇගෙ අත ගන්නට සළකා අභියාචනය මගේ..
අභියාචනයක්...
සොඳුරු ගේය පද සිත්තම : .....................
දිව්‍යමය සත්සර මුසුව : ........................
මියුරු ගැයුම : විකටර් රත්නායක
මේක මේ දැං කාලෙ හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි. පුදුමෙ කියන්නෙ ඒ කාලෙත් මේව වෙලා තියෙනවයි කියන එකනේ....?
ReplyDelete@Hishan Melanga,
ReplyDeleteඅද කාලෙ විතරක් නෙවි මලේ..ඕක සදාකාළික ප්‍රශ්ණයක්..
"වසත් කාලය මනරම්...ඔබ මලක් වෙනවා නම්..."ඒ මේ කාලෙ...
අනුන් ළියන් දැක තම ළියට තල තලා..."මේ ඒ කාලෙ...