"පුතේ...ගැහැණු ළමය ගැන මොකද කියන්නෙ..??"
ලොකු මාමා සුවපහසු කාරයේ ඉදිරිපස අසුනට බරදී අප පසුකර යන සචේතණික අචේතණික වස්තූන් කෙරෙහි හිස් බැල්මෙන් බලාහුන් මාගේ දැහැන බිඳිමින් විමසයි...
"ම්..ම්... ළමයද..ලස්සනයි..සුරංගනාවියක් වගේ..."සැබවින්ම මා පැවසුවේ මුසාවක්නම් නොවේ..ඇය වචනයේ පරිසමාප්ති අර්ථයෙන්ම රූපත් එකියකි..පිරිමින් වසඟකරවන රූ සපුවක් ඇත්තීය.
මගේ ඒ හැඳින් වීම පිළිබඳව වැරදි ලෙස වටහා ගත් ලොකුමාමා මනාළියගේ පාර්ශවයේ පට්ටන්දරය දිගහරින්න ගත්තේය..
"බොහොම පොහොසත් පවුලක්නෙ පුතේ..ඔය සප්ත මහා සාගරය වගේ තියෙන ගෙදරත් ඒ ළමයටළු..අයියලා දෙන්නා ඔස්ට්‍රේලියාවල කියන්නේ...මේවල පදිංචිවෙන්න එයැයිල ආපහු එන්නෙ නැහැකියන්නෙ...ඉතිං මහ උන්දැලෑ සියළු සබ්බ සකළමනාවම ඔය දෝණියැන්දැට තමයි..."
"හ්ම් ..ඇත්තටම මාමේ ඔයගෙදරට ගෑණු එක්කෙනෙක් මදිවෙයි නේද??..බහුභාර්‍යා විවාහයකට ඔය ඇත්ති කැමතිවෙයි ද දන්නෙ නැහැ.." සිනහ නොවීම බැරෑරුම් මුහුණක් ආරූඩ කරගනිමින්ම පැවැසූයෙමි..
"ලොකු පුතා මාව විහිළුවකට ගත්ත එහෙමයි..???"
"අනෙ නැහැ මාමෙ...මං එදත් අදත් කියන්නෙ..ඔය කුමාරිහාමිලාට වැඩිය මට මගේ මංජරී වටිනව...මමයි විවාහ වෙන්නෙ..මට කැමති කෙනෙක් එක්ක ඉදිරි ජීවිතේ ගොඩනගාගන්න බැරිනම් මොකටද මාමේ..හිතේ සන්තෝසෙ නැතිව කොච්චර සැප සම්පත් තිබුණත් මොකටද??.."
"ඒ වුනාට පුතේ ඔය වෙලේ ගෙදර එව්වන්ට..."
ඇති..ඇති මාමෙ...මාමට පුළුවන්නම් අපේ තාත්තලාට කියන්න මේ විදිහට මට කරදර කරන්න එපාය කියලා...මං කවදහරි කසාද බඳින්නෙ මංජරීවම විතරයි කියන්න.."
අනතුරුව අප අතර කිසිදු කතාබහක් නොවූයෙන් සුපුරුදු හුදෙකලාවම හිත වෙලාගනු දැණුනි...නිතැතින්ම "ඇය" මගේ හදවත තුල විජරාමාණවනුයේ මෙවන් අවස්ථාවලදීය.
"පුෂ්ප..ඇයි ඔඅයා මෙච්චරම මට ආදරේ..??"
"මලකටයි මංජරියකටයි වෙනෙවෙනම ජීවත්වුනහැකිද මංජරී.."
මා ඇයට ඇළුම් කලේ ඇයගේ බාහිර පෙනුමටවත්..ඈ දුප්පත් එකියක් වූ නිසාවෙන්වත් සාම්ප්‍රදායික පෙම්වතාගේ චරිතයට පන පොවන්නට වූ ආශාව නිසාවෙන්වත් නොවන බව දනිමි...මා අගය කරණ බොහෝ ගතිගුණ ඈ තුළින් ප්‍රකට වූ නිසාවෙනි..
අපගේ සම්බන්ධය ගෙදරට සැළවූ දින සහෝදරිය කියූ කියමනක් අදද මගේ දෙසවන් තුළ රැව්පිළිරැව් දේ..
"මල්ලියේ උඹගෙ පෙනුමටවත්..පාරෙ එක්කන් යන්න පුළුවන් එකියක් හොයාගනින්කො බං.. "
"මගෙන් මොකුත් නාහ හිටපන් අක්කේ..පොත්තෙ ලස්සනට රැවටිලා දැන දැනම අපාගත වෙන්න මට බැහැ..උඹ හිතාන් ඉන්නව වගේ අර උඩැක්කිය කරේ එල්ලගෙන ඉන්නවට වැඩිය හොඳයි බෙල්ලෙ ගලක් බැඳගෙන මූදෙ පයිනවා මං මංජරීට කැමැත් ඒකි මට ගැලපෙන නිසා...අනෙක් අයට නොගැලපීම් පෙණුනට මට කමක් නැහැ.."
නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවණින් දෙණුවන් රවටා..
මා පෙම්කළ ජනපද කල්‍යාණිට ..හිමියනි මට කළ නොහැක නිගා..
සුරඟන රූ සිරු..තුටිනි හැඳින්නෙමි..සිත් ලෙස දෙනුවන් බඳුන් පුරා..
මා හඳුණන මගෙ හිත ගත් කළණිය..මට නුදුරුයි ..සුරඟනට වඩා...
මා සිත සුවපත් කරලණු නොහැකිය ..සෝ ළතැවුල් දෙයි රැයද දිවා..
නෙත දුටු සුරඟන රූ සිරු කුමටද හද දිණු ජනපද කළණ නිසා..
වාහනයේ වූ රේඩියෝවෙන් හදිසියේම සවනට වැකුණු ඒ මාදුර්‍යය වූ ගීතය මගේ ආදරයට බද්ධ වූයේ යැයි හදිසියේම සිතුණි..
හැබවින්ම නන්ද තෙරණුවෝ ජනපද කල්‍යාණිය සුරංගනාවන්ට සාපේක්ෂව අළුත් ගිණි ලෑ හේනක දැළි තවරාගත් වැඳිරියකට උපමාකොට බුදුරදුන් දෙසූ දම් නිසාවෙන් සසර කතරින් එතෙර වූවද..මම් හිත දියුණු කොටගත් තැනැත්තෙක් නොවෙමි...මගේ හිතගත් ප්‍රියාවිය මට අගනේය...ඉදින් දෙමාපියන්..හිතවතුන් කෙළෙස කීවද ඇය මට සුරංගනාවියකි..
රියැදුරු අසුනේ සිටින මාමාට ඇසෙන්නට ගීතයේ අවසන් පැදි..බර කොට ගයමි...ඔහු කපටි සිනහවෙන් මාදෙස බලනු පෙනේ... "නෙත දුටු සුරඟන රූ සිරු කුමටද හද දිණු ජනපද කළණ නිසා.."
සොඳුරු ගේය පද සිත්තම : ..........................
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : සෝමතිලක ජයමහ