Friday, November 26, 2010

"වෙන අඟනන් කුමට සුර'ඹ ගෙහි සිටින මට...."

ඇය මාගේ නෙත ගැටෙන විට සුපිරි වෙළඳ සංකීර්ණයේ එකිනෙකට සමාන්තරව ඉහලට සහ පහලට දිවෙන විදුළි පඩිපෙලෙහි ගමන් කරමින් සිටියෙමි.කතාකරණ නෙතු අග සරාගී බැල්මෙන් මා දෙස බැලූ ඇය තවමත් තුරුණුවියේ පසුවන මාගේ පූර්ණ අවධානය ඈ කෙරෙහි යොමුකරගන්නට සමත්විය.
නැගෙනහිර ආසියාතික සම්භවයක් සහිත එකියක් යැයි සිතිය හැකි ඇය උසට සරිලන මහතින් හා මනාව වැඩුණු ස්ත්‍රී ලාලිත්‍යයෙන් හෙබි පිරිපුන් අඟ පසඟවලින් සමන්විත වූවාය.ඇගේ දසුනින් මෝහනය වූ මා ඈ පසුපසින් වැටුණෙමි. අගනා, ඔපමට්ටම් කළ මාබල් ඇතිරූ පොළව මතින් සීරුවෙන් පා තබමින් "ටොක් ටොක්" යන අනුකරණයෙන් ඈ යන ගමන මාගේ දෙසවන අතර නින්නාද දෙන්නටවිය.අඟල් තුනක් පමන උස්වූ ඇගේ පාවහන් මේ ඔපදමන ලද බිමෙහි පරිස්සමින් හැසිරවීම පිළිබඳ මම පුදුම වීමි.එයිනුදු නොනැවතුනු මගේ දෙඇස් ඇගේ කෙණ්ඩා, පුළුල් උකුල සොයා ඇදෙන්නට වූයේ සහජයෙන්ම පිරිමියාට හිමි කාමක්ෂ්තවූ රාගාධික හැඟීම පාලනයකරගත නුහුණු තැනය.රක්ත වර්ණ වූ කෙටි සාය නිසාවෙන් වඩාත් තීව්‍රව කැපී පෙනුනු ඇගේ දෙපා වර්නනය කිරීම සඳහා මම අසීරු ප්‍රයත්නයක යෙදුනෙමි.සායට කැපෙන ලෙස හැඳසිටි උඩුකය වසා සිටි හැට්ටය උඩින් දමා තිබුණු කෝට් එක නිසාවෙන් ඇගේ උඩුකය පැහැදිලිව ග්‍රහණය කරගැනීමට අපහසුකමක් වීය.පසු පස හැරෙමින් මගේ අවධානය ඈ දෙසට තවත්වත් යොමුකරගනිමින් සරාගී ගමනක යෙදුණු ඈ සුපිරි රෙදිපිළි මාළිගයට ඇතුළු වූවාය.රොන් සොයා යන බඹරකු සේ මමද රෙදිපිළි අතර අතරමං වීමි.අවශ්‍යයතාවයක් නැතැත් ඈ පසුපස නෙත් මෙහෙයවමින් ඈ දර්ශනයවන ඉසව්වේ තව තවත් සැරිසැරීමි.දැන් මෙමගේ දර්ශණ පථයට ඇගේ සුන්දර වූ දසුන ඉතා හොඳින් හසුවේ.
"නාදළු මෙන් වර්‍ණගන්වා තිබූ දෙතොල් සැලේ..මොහොතක් ඒ දෙතොලේ නැවතුමට මට අවැසිය...මඳ අඳුරු සුයාමයේ ඈ මදුවිත පිරවූ මංජුසාව එක් අතකින් ගෙන මා සමඟ සෘංගාරාත්මක රංගනයක යෙදේ..තිසරුන් මෙන් වූ ඇගේ පයෝදර හැඟුම් බර වූ නිසාවෙන්දෝ මා නෙතු දැහැන්ගත කරවයි..ඇයගේ උණුසුම් ළමැදේ මඳක් සිහිල සොයමි..චුම්බනයෙන් වෙහෙසකරවූ ඇගේ දෙතොල් මත දෙතොල් තබා රැය පුරාවට පෙම් ඕවිල්ලේ නැළවෙමි...ඉදින් මේ සුවය නිඳි නැති රැයපුරාවටම සොයමි..ම්..ම්.. මෙවන් සුවයක්..!"
මගේ දැහැනට බාදාකරමින් දුරකථනය නාදවෙනු දැනේ..අවිඥ්ඥානිකවම දුරකථනය ගෙන සවනේ රුවා ගතිමි...

"නිශා...කොහෙද අනේ ඔයා ගියේ...ඉක්මනට එන්නකෝ..ඔයා දන්නවනේ මේ පැය දහය මං කොහොමද ගෙවාදාන්නෙ කියලා.."

මම සිහිනෙන් අවදිවුණෙමි...ප්‍රිය බිරිඳ මා එනතුරු මඟ බලාහිඳී.

ආදරණීය ඈ බැලීමේ හදිසි උවමනාවක් හිතට නැගේ...සියළු දේ අමතක කොට හුන් තැනින් හණික නික්මීමි.

"මේ එනවා මගෙ නෝනේ.."
================================================================
මා සනසා මා නළවා
සුරංගනාවක් හෙමින් ඇවිල්ලා
හඳේ ලැගුම් අයැදී..

විතක් මධු පෙරා ගෙනැල්ලා
සුරන් රවටලා
ඇසක් ඉඟිමරා රැඟුම් පා
මුවට යා කලා ...
හැඟුම් තෙරපිලා දෝ
හසුන් මුසවෙලා
සිහින ලොවක පාවී සදුන් සිහිල යාවේ

මා සනසා මා නළවා...

රැයක් නිදිමරා සරාගී
ලවන් වෙහෙසිලා
යලිත් එනතුරා සුරංගී
හිදිමි මඟ බලා...
හෙටත් සඳ උදාවී
රැයක් පැමිණිලා
සිහින ලොවට යාවී... සුරඹ මා සොයාවී.....

මා සනසා මා නළවා...

සොඳුරු ගේය පද සිත්තම : කේ.ඩී.කේ.ධර්මවර්ධන
දිව්‍යමය සත්සර මුසුව : ........................................
මියුරු ගැයුම : මර්වින් පෙරේරා

9 comments:

  1. අත්‍යන්ත අපිරිමිත අවකාශයේ තත්පරයකින් අනන්තයකින් එක් මොහොතක් ගීයකට වර නගන අපූරුව! එල!

    ReplyDelete
  2. @intox,

    ආදරයෙන් පිළිගන්නවා "ගී සිතුවම්" අඩවියට...බොහොමත්ම ස්තූතියි ඇගයුමට

    ReplyDelete
  3. නියමයි... පැත්ත ගියත් ඇත්ත කතාව...

    ReplyDelete
  4. @serendipity,

    බොහොම ස්තූතියි...ආදරයන් පිළිගන්නවා මේ ඉසව්වට..

    ReplyDelete
  5. @කරුමක්කාරයා,

    හ්ම්ම්...ස්තූතියි ගොඩවැදුනට..

    ReplyDelete
  6. මමත් කැමතිම ගීතයක්. කට්ටිය සෙට් උන වෙලාවට අනිව ගැයෙන ගීයක්.
    කිව්ව නොකිව්ව කොයි පිරිමිය්ගෙත් හැටි කතාවෙන් හොදට පැහැදිලි කරනව වගේම ගීතයේ රසයට අර්ථයක් එක් කරල රසය තව තවත් වැඩි කරල තියෙන බව ස්තුති පූර්වකව කියා සිටිනව......!

    ReplyDelete
  7. මට මේ කතා/ ගීත දැක්කම එකපාරටම මතකයට ආව දෙයක් ලියන්න හිතුන…
    ගොඩක් ටෙලි නාට්‍ය/ චිත්‍ර පටි වලින් මිනිසුන්ගෙ මනස විකෘති කරනව කිසිම යථාර්තයක් නැති කෘතිම චරිත එකතුකරල. ඒ වගේ චරිත අපිට සමාජයේ දකින්නවත් නෑ. ඒත් මේ වගේ ගීත වලින් ඒ වගෙ අසාධාරනයක් කරන් නෑ. ගොඩක් අරුත් බර ගීත වලින් කතා කරන්නෙ මේ අපේ සමාජයේ අපිට හමුවන තාත්වික චරිත ගැන.
    මේ මට හිතෙන හැටි.....,

    ReplyDelete
  8. @Ano,

    ඔව් ඇත්ත සහෝදරයා...තාත්වික ජීවිතයේ නේක හැල හැප්පිලි සෞන්දර්‍යාත්මකව දකිනව කියන එක සුන්දර අත්දැකීමක්...ඇත්තටම හරසුන් චරිත තිබෙන නිසා තමයි වටිනා වැදගත් දේ ඉස්මතුවී එන්නෙත්...මේ ලෝකෙ හැමදෙයක්මත් සමබර වෙන්න එපාය ...නැත්නම් පැවැත්මක් නැහැ..
    බොහොම ස්තූතියි සුන්දර වදන් වැලට...දිරිගැන්වීම හැමදාමත් වටිනවා..

    ReplyDelete