"ඈ මලියෙ..මේ ගොම්මනේ උඹ කොයි රෝන්දෙ යන්නද ඔය ආයිත්තං වෙන්නෙ..?"
මගේ අසීමාන්තික හැඩවීම මව්ගෙන් වහංගු කිරීම සඳහා කැඩපත ගාවින් මෑත්වුණෙමි..ම්..ඒත් අර කෙහෙරැල්ල..මට අමතකවුණානෙව බලන්න...දවසක් බංඩයියා එය අගේ කොරා මතකතියේ..
"නෑ... මයෙ අම්ම... අම්මගෙ හැට්ටෙට අල්ලන්න රේන්ද යාරයක් ගේන්න පීල්ල වත්තෙ රේන්ද උන්දැලෑගෙ අහ යන්න කියලා..."
"මං අහන්නෙ කෙල්ලෙ..ඒ පාර තනියෙන් විරිත්තන්න තිබා ගත්තෙ..යන දේවාලෙක ඉරගල වැටෙන්න කළියෙන් ගොහින් එන්නෙ නැතිව....?"
අවසාන වතාවටත් ඔහු, සින්දු නගා අත එවා තිබූ සෙනේ කොළ කෑල්ල ගෙන නැවත කියැවූයෙමි.
"මඟෙ රන් මලියෙ,
මට උඹ ඇහගැටෙන්නැතිව නින්ඳ යන්නැහැ බං..අද හැන්ඳෑ යාමෙ රාස්සිගෙ අව්ව මෝදුවෙන්න ඉස්සර දොළ ලඟ කුඹුක් ගහ හෙවනෙ මුළිච්චි වෙයං..ඕං වරද්දන්නෙහෙම නෑ..
මේ ,
උඹට සෙනේවන්ත බංඩයියා.."
තවත් නම් මේ කැඩපත ලඟ තැග්ගැහුනෝතින් මව්ගෙන් සෝලිවැටෙනවා නියතය..අවසන්වරට බංඩයියා සෙයිළමෙන් ඇන්නදුන් මුතු දෙපට ලා ගත්තෙමි.
"ඈ මලියෙ මං උඹට කීවතාවක් කියල තියෙනවද ඔය හැට්ටෙ කර පළල්වැඩියි කියලා..ඊළඟ වතාවෙ මං කියන්නෑ ඕක පුච්චලා දානවා මිසක.."
අම්ම අම්මා ගෝරනාඩුකලාට මේ හැට්ටය ඇඟලාගැනීමටමයි හිත් දෙන්නෙ..මේකට බංඩයියා මනාපයි නෙව..
"නගේ ඔය හැට්ටෙට උඹගෙ රූපෙ කැපිළ පේනව බං..මට ටිකක් හිස තියාගන්න හිතයි.."
"ඕං අයියා විහිළුකරන්න තිබාගත්ත..එන්න එපාඕන්නැති ඒවට.." මා මූනිච්චාවට දෙඩුවද බංඩයිය්යාට මඟේ ළමැදේ සුවයහනක් තනන්නට මටද හැබෑ උවමනාවක් වේ...
"අක්කණ්ඩි මේ යාමෙ..බුලත්විඩක් හපනවය..??"
"මට ඕන්නැති විටක් නෑ නංගිච්චියෙ..මෙහෙ එනවද පොඩිගමනක් ගොහින් එන්න..??"
"හා හා..එහෙනම් මං ඇන්න ආව පොත ඇතුලෙ..???"
"හරි හරි උඹට ඒ වගක් අද කියන්නංකෝ..ඉක්මං කොරහන්කෝ.."
පින්තූරය ගත්තේ...urumaya.org
oooooooooo0ooooooooooo0ooooooooooo
බොලං පොඩි නංගි ටිකක් හිටපං..
බුලත් විට කන්න නෙවෙයි...
වෙල ළන්ද ලඟින් සුදු බණ්ඩි අදත් ඇවිදින්..
හමුවෙන්ඩ එයා මට යන්ඩ හිතයි තනියෙං..
සම්බන්ඳෙ අපේ දන්නැත්ද නගේ...හුඟ ඈත කළක් හෙම නෑ..
ගම්මැද්දෙ ඉතිං හැදුනාට කතන්දර...ඒකෙවගක් මට නෑ..
කරකාර බඳින්නට නංගි හිතයි මට..හිත කෝළ සිතුම් එනවා..
අප්පච්චි අපේ ඉඩ දුන්නෝතින් අපි..හද්ද මඟුල් කනවා..

oooooooooo0oooooooo0ooooooo0ooooooo0oooooooo0oooooooo
මගේ අසීමාන්තික හැඩවීම මව්ගෙන් වහංගු කිරීම සඳහා කැඩපත ගාවින් මෑත්වුණෙමි..ම්..ඒත් අර කෙහෙරැල්ල..මට අමතකවුණානෙව බලන්න...දවසක් බංඩයියා එය අගේ කොරා මතකතියේ..
"නෑ... මයෙ අම්ම... අම්මගෙ හැට්ටෙට අල්ලන්න රේන්ද යාරයක් ගේන්න පීල්ල වත්තෙ රේන්ද උන්දැලෑගෙ අහ යන්න කියලා..."
"මං අහන්නෙ කෙල්ලෙ..ඒ පාර තනියෙන් විරිත්තන්න තිබා ගත්තෙ..යන දේවාලෙක ඉරගල වැටෙන්න කළියෙන් ගොහින් එන්නෙ නැතිව....?"
අවසාන වතාවටත් ඔහු, සින්දු නගා අත එවා තිබූ සෙනේ කොළ කෑල්ල ගෙන නැවත කියැවූයෙමි.
"මඟෙ රන් මලියෙ,
මට උඹ ඇහගැටෙන්නැතිව නින්ඳ යන්නැහැ බං..අද හැන්ඳෑ යාමෙ රාස්සිගෙ අව්ව මෝදුවෙන්න ඉස්සර දොළ ලඟ කුඹුක් ගහ හෙවනෙ මුළිච්චි වෙයං..ඕං වරද්දන්නෙහෙම නෑ..
මේ ,
උඹට සෙනේවන්ත බංඩයියා.."
තවත් නම් මේ කැඩපත ලඟ තැග්ගැහුනෝතින් මව්ගෙන් සෝලිවැටෙනවා නියතය..අවසන්වරට බංඩයියා සෙයිළමෙන් ඇන්නදුන් මුතු දෙපට ලා ගත්තෙමි.
"ඈ මලියෙ මං උඹට කීවතාවක් කියල තියෙනවද ඔය හැට්ටෙ කර පළල්වැඩියි කියලා..ඊළඟ වතාවෙ මං කියන්නෑ ඕක පුච්චලා දානවා මිසක.."
අම්ම අම්මා ගෝරනාඩුකලාට මේ හැට්ටය ඇඟලාගැනීමටමයි හිත් දෙන්නෙ..මේකට බංඩයියා මනාපයි නෙව..
"නගේ ඔය හැට්ටෙට උඹගෙ රූපෙ කැපිළ පේනව බං..මට ටිකක් හිස තියාගන්න හිතයි.."
"ඕං අයියා විහිළුකරන්න තිබාගත්ත..එන්න එපාඕන්නැති ඒවට.." මා මූනිච්චාවට දෙඩුවද බංඩයිය්යාට මඟේ ළමැදේ සුවයහනක් තනන්නට මටද හැබෑ උවමනාවක් වේ...
"අක්කණ්ඩි මේ යාමෙ..බුලත්විඩක් හපනවය..??"
"මට ඕන්නැති විටක් නෑ නංගිච්චියෙ..මෙහෙ එනවද පොඩිගමනක් ගොහින් එන්න..??"
"හා හා..එහෙනම් මං ඇන්න ආව පොත ඇතුලෙ..???"
"හරි හරි උඹට ඒ වගක් අද කියන්නංකෝ..ඉක්මං කොරහන්කෝ.."
සොඳුරු ගේය පද සිත්තම : .......................
දිව්‍යමය සත්සර මුසුව :........................
මියුරු ගැයුම :සුජාතා අත්තනායක

අයියන්ඩිට ගෑනු හිත් ගැන තියෙන දැනුම, මටත් කුප්පියක් දෙකක් දාගත්තැහැකි නේද?
ReplyDelete@හිෂාන් මෙලංග,
ReplyDeleteහෙහ්..හෙහ් ..වරෙන්කො ගුරුපඬුරුත් අරගෙන....
@thusithadm,චමීදේවා,සහෝදරයා....
ReplyDeleteඔබ තුමන්ලාව මේ සිතුවම් අඩවියට සාදරයෙන් පිළිගන්නවා..